-->

Sunday, December 10, 2017

සරු දේ ම ගන්න

සරු දේ ම ගන්න

        ත්‍රිපිටක දේශනාවෙහි සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ මූලපණ්ණාසකයෙහි එන මහා සාරෝපම සූත්‍රය සරු දේ ගැනීම හා එසේ සරු දෙයෙහි ඵලය නිසි ලෙස ලබා ගන්නා පුද්ගලයාගේ ස්වභාවය මැනවින් විවරණය කර තිබේ.

බුදුරජාණන් වහන්සේ රජ ගහ නුවර ගිජුකුළු පව්ව ඇසුරෙහි වැඩ සිටින සමයක දෙව් දත් තෙර විසින් උන්වහන්සේ වෙත ඉදිරිපත් කරන ලද පංච වරය,

      ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ නොයෙක් අයුරින් අපිස් බවෙහි, සන්තුට්ඨියෙහි, සල්ලේඛයෙහි, ධුතගුණයෙහි, ප්‍රසාද එළවන බවෙහි, නිවනෙහි, වීර්යාරම්භයෙහි ගුණ කියන සුළු ය. ස්වාමීනි, මේ පඤ්චවස්තූහු අල්පේච්ඡ බවට, සන්තුෂ්ටියට, සල්ලේඛයට, ධුතගුණයට, ප්‍රසාදයට, නිවනට, වීර්යාරම්භයට වැටෙත්’’ කවර පඤ්ච වස්තුවෙක් ද යත්?

1.       භික්‌ඛූ යාවජීවං ආරඤ්ඤකා අස්සු, යො ගාමන්තං ඔසරෙය්‍ය වජ්ජං නං ඵුසෙය්‍ය. දිවි හිම් කොට, එනම් දිවි ඇති තෙක් භික්ෂූහු ආරණ්‍යක වන්නාහු නම් මැනව. යමෙක් ග්‍රාමාන්තයට පැමිණ පහස ලබන්නේ නම් වරදකි.
2.       භික්‌ඛූ යාවජීවං පිණ්ඩපාතිකා අස්සු, යො නිමන්තනං සාදිසෙය්‍ය වජ්ජං නං ඵුසෙය්‍ය.දිවි හිම් කොට භික්ෂූහු පිණ්ඩපාතික වන්නාහු නම් මැනව. යමෙක් නිමන්ත්‍රණ (කැඳවා පිළිගන්වන බත) භාරගෙන පහස ලබන්නේ නමේ වරදෙකි.
3.      භික්‌ඛූ යාවජීවං පංසුකූලිකා අස්සු, යො ගහපතිචීවරං සාදියෙය්‍ය වජ්ජං නං ඵුසෙය්‍ය. දිවි හිම් කොට භික්ෂූහු පංසුකූලික වන්නාහු නම් මැනව. යමෙක් ගෘහපති චීවරය භාරගෙන පහස ලබන්නේ නම් වරදකි.
4.      භික්‌ඛූ යාවජීවං රුක්ඛමූලිකා අස්සු, යො ඡන්නං උපගච්ඡෙය්‍ය වජ්ජං නං ඵුසෙය්‍ය.දිවි හිම් කොට භික්ෂූහු වෘක්ෂමූලික වන්නාහු නම් මැනව. යමෙක් සෙවනකට එළැඹේ පහස ලබන්නේ නම් වරදකි. 
5.      භික්‌ඛූ යාවජීවං මච්ඡමංසං නඛාදෙය්‍යුං, යො මච්ඡමංසං ඛාදෙය්‍ය වජ්ජං නං ඵුසෙය්‍ය.  දිවි ඇති තෙක් භික්ෂූහු මත්ස්‍ය මාංශ (දිය මස් හා ගොඩ මස්) නො වළඳන්නෙහු නම් මැනව. යමෙක් මත්ස්‍ය මාංශ කෑමෙන් පහස ලබන්නේ නම් වරදකි. 
යනුවෙන්  බුදුරජාණන් වහන්සේ වෙතින් කළ ඉල්ලීම් බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රතික්‍ෂේප කළ නිසා එය ම සංඝභේදයට හේතුවක් කර ගනිමින් තම මතය හා එකඟ වූ භික්‍ෂු පිරිසක් ගෙන අරමින් නික්මුනි. එය හේතු කර ගෙන දෙවි දත් තෙරුන් වැනි හිස් පුද්ගලයන්ගේ ව්‍යවහාරය හා චරණය අරටුව සොයනු රිසි ව වනයට ගිය පුද්ගලයකු අරටුව යැයි සිතා අතු රිකිළි කඩා ගෙන එන්නක් වැනි යැයි අර්ථ දක්වා දෙසන ලද සූත්‍රයකි මහා සාරෝපම සූත්‍රය.
මහා සාරෝපම සූත්‍රය හා චූල සාරෝපම සූත්‍රය ඕපම්ම වග්ගයේ එක හා සමාන අර්ථ විවරණ ඇති සූත්‍රයන් දෙකකි. ඔපම්ම වග්ගයේ එන සෑම සූත්‍රයක් ම කිසියම් උපමාවක් (ඕපම්ම) භාවිතයෙන් ධර්ම විග්‍රහ කරන හෙයින් එහි ඇතුලත් උපමාවන් පළමුව විමසීම වටී. එහි දැක්වෙන ආකාරයට,
යමකු ගසක අරටුවක් දකිනු රිසි වනයක් වෙත පිවිසේ
ඔහු අරටුවක් ලබනු හැකි ගසක් සොයා ගනී.
එසේ වුව ඇතැමෙක්, අරටුව යැයි සිතා කොළ අතු රැගෙන යයි.
ඇතැමෙක් අරටුව යැයි සිතා පොත්ත රැගෙන යයි.
ඇතැමෙක් අරටුව යැයි සිතා සිවිය රැගෙන යයි.
ඇතැමෙක් අරටුව යැයි සිතා එළය රැගෙන යයි.
ඇතැමෙක් අරටුව ම රැගෙන යයි.
මෙබදුම වූ පුද්ගලයන් සසුන තුළද දැකිය හැකි බව සාරෝපම සූත්‍රයේ බුදුපියාණන් වහන්සේ පෙන්වා වදාළහ.

දුකින් මිදුනි රිසින් ඉන් මිදිය හැකි තැනක් සොයන පුද්ගලයා ඉතා ශ්‍රද්ධාවෙන් සම්බුද්ධ ශාසනය වෙත එළඹ පැවිදි වේ.
එසේ පැවිදි වූ ඔහු පැවිද්ද නිසා උපදන ලාභ සත්කාර, කීර්ති ප්‍රශංසා දැක එය හරය සේ ගනී. එහි ම ඇලේ එහි ඇති වන මානය නිසා තමා උසස් කොට අන් අය පහත් කොට සලකා, "මා කීර්ති ප්‍රශංසා ඇත්තෙකි මා සේ අන් භික්‍ෂූහු කීර්තියෙන් ප්‍රශංසාවෙන් ලාභයෙන් උසස් වූ වන් නොවේ මාහේශාක්‍ය නොවේ. අල්පේශාක්‍ය යැ" යි මාන්නයෙන් යුතු ව කටයුතු කරයි. ඒ මාන්නය හේතුවෙන් හරයක් නො ලැබම දුක සේ කල් ගෙවයි. අරටුව සොයනු රිසින් විත් අරටුව ඇති ගසත් හමුව කොළ අතු පමණක් රැගෙන යන පුරුෂයා බඳු ව හරයක් නො ලැබ දිවි ගෙවයි.
ඇතැම් භික්‍ෂුවක් පැවිද්ද නිසා උපදන ලාභ සත්කාර දැකත් එහි නො ඇලී, ඉන් උපදනා මාන්නය නිසා මුලාවට පත් නොවී සීල සම්පත්තියෙන් යුතු වෙයි. තමන් උපදාවගත් ශීලයෙන් නො පිරිහී එය රකිනු පිණිස උත්සුක ව කටයුතු කරයි. ඒ උපදවා ගත් ශීලය නිසා තමා උසස් සේ සලකයි. අන් අය පහත් ‍කොට සිතයි. " මා උසස් වූ ගුණධර්මයෙන් යුතු සිල්වතෙක් වෙමි අන් භික්‍ෂූන් පවිටු වූ පිරිස් යැ" යි සලකා ශීලය නිසා මානය උපදවා ගනී. එය හරය සේ සලකා කටයුතු කරයි. ගසක අරටුව සොයනු පිණිස පැමිණි පුද්ගලයා අරටුව යැයි සිතා හරයක් නොමැති පිට පොත්ත පමණක් රැගෙන යන්නා සේ මුලා වූවකු බවට පත් වෙයි.
ඇතැම් භික්‍ෂුවක් ගිහි ගෙහි කලකිරී උතුම් සසුන වෙත පිවිස පැවිද්ද නිසා ලැබූ සිව්පසය නිසා උපන් ලාභ සත්කාර දැක ඒ කෙරෙහි නො ඇලී, උපදවා ගත් උසස් සීල සම්පත්තිය නිසා මුලා නොව වීර්යයනේ යුතු ව සමාධි සම්පත්තිය උපදවා ගනී. ඒ උපදවා ගත් සමාධිය කෙරෙහි ඇලෙන ඔහු එයම හරය සේ සලකා තමා උසස් සමාධියෙන් යුතු වූවෙකැයි සිතා තමා පිළිබඳ මාන්නය උපදවා ගනී. තමා උසස් සමාධියෙන් යුතු වූවකු යැයි ද අන් අය සේ නොවන්නන් යැයි සිතා තමා උසස් කොට අන් අය පහත් කොට සලකා කටයුතු කරයි. ගසක අරටුවක් සොයනු රිසින් වනස්පතිය කරා පැමිණි පුද්ගලයා අතු රිකිළි සිඳ, පොත්ත සිඳ අරටුව යැයි සිතා සුඹුල සිඳ ගෙන යයි. එපරිද්දෙන් උතුම් සසුනේ හරය සමාධිය යැයි සලකා එහි මුලාව කටයුතු කරන භික්‍ෂුව සසුනේ උතුම් ඵලය ලබා නො ගනී.
එපරිද්දෙන් ශ්‍රද්ධාවෙන් සසුන් වන් භික්‍ෂුව සිව්පසය නිසා උපදනා ලාභයෙන් මත් නොවී, සීලය නිසා උඩඟු නොවී, සමාධිය පමණක් හරය සේ නො සලකා එහි නො ඇලී තව තවත් වෙර වඩා කටයුතු කිරීමෙන් ඥාන දර්ශනය නිසා - උපදවා ගත් පංච අභිඥාවන් නිසා- ඉන් මුලාව කටයුතු කරයි. ‍එසේ මුලා වන්නා වූ එම භික්‍ෂුව තුළ මෙවන් කල්පනාවන් ඇති වේ.
අහමස්මි ජානං පස්සං විහරාමි. ඉමෙ පනඤ්ඤෙ භික්ඛූ අජානං අපස්සං විහරන්තීති. සො තෙන ඤාණදස්සනෙන මජ්ජති පමජ්ජති පමාදං ආපජ්ජති, පමත්තො සමානො දුක්ඛං විහරති.
මා අන් භික්‍ෂූන්ට වඩා ඤාණ දර්ශනයෙන් යුතු වෙමි. අන් භික්‍ෂූන් නො දන්නා වූ ‍දෑ දනිමි.  එවන් ඤාණ දර්ශනය නිසා පමාව, මුලාව කටයුතු කරයි.
අරටුව සොයනු රිසි පුද්ගලයා අරටුව ඇති මහ රුක දැකත්, එහි අතු රිකිළි, පොත්ත සිඳ, සුඹුල ඉවත ලා අරටුව සේ සලකා එළය රැගෙන ඉන් මුලා වන්නා සේ සීලයෙන් සමාධියෙන් උපදනා ඤාණ දර්ශනය හරය සේ සලකා ඉන් මුලාව උපදනා මානය නිසා කටයුතු කරන භික්‍ෂුව සැබෑ ඵලය නො ලබන බව සාරෝපම සූත්‍රය තුළ විවරණය කෙරෙයි.
සම්බුදු සසුනෙහි සැබෑ හරය නම්  සිව්පසය හෝ ඒ නිසා උපදන ලාභ සත්කාර හෝ, උපදවා ගන්නා සීල සම්පන්න භාවය හෝ සමාධිය හෝ  ඤාණ දර්ශනය ( පංච අභිඥා ආදී ලෞකික ධ්‍යාන) සම්පත පමණක් ම නොව උතුම් වූ රහත් ඵලය ම බව සාරේපම සූත්‍රය පෙන්වා දේ ඒ ලබන හැකි වන්නේ  සිව්පසයෙන්, ලාභ සත්කාරය නිසා උපදන මානයෙන්, සීලය නිසා උපදන මානයෙන්, සමාධිය නිසා උපදන මානයෙන්, ලෞකික ධ්‍යානයෙන් උපදන මානයෙන් නොව එය ඉක්මවා උපදවා ගන්නා වීර්යය නිසා ලබන රහත් බව තුළිනි. උතුම් සසුනට වන් පුද්ගලයා, අරටුව ඇති වනස්පතිය දැක එහි අරටුව ලබනු කැමති ව අතු රිකිලි ඉවත් කොට, පිට පොත්ත හැර, සුඹුල හැර, එලය හැර අරටුව ලබා ගන්නා සේ ලෞකික ව උපදනා සම්පතින්  නො මුලා ව උතුම් රහත් ඵලය ම ලබා ගනී.
‘‘ඉති ඛො, භික්ඛවෙ, නයිදං බ්‍රහ්මචරියං ලාභසක්කාරසිලොකානිසංසං, න සීලසම්පදානිසංසං, න සමාධිසම්පදානිසංසං, න ඤාණදස්සනානිසංසං. යා ච ඛො අයං, භික්ඛවෙ, අකුප්පා චෙතොවිමුත්ති - එතදත්ථමිදං, භික්ඛවෙ, බ්‍රහ්මචරියං, එතං සාරං එතං පරියොසාන’’න්ති.
මහණෙනි, මෙසේ වනාහි මේ ශාසන බ්‍රහ්මචර්යාව ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පිණිස නොවෙයි. සීල සම්පත්තිය පිණිස නොවෙයි. සමාධි සම්පත්තිය පිණිස නොවෙයි. ඥාන දර්ශනය (පංච අභිඥාව) පිණිස නොවෙයි. මහණෙනි, යම් මේ රහත්බවෙක් වේද, මහණෙනි, මේ ශාසන බ්‍රහ්මචර්යාව මේ රහත් බව පිණිසමැයි.
මින් පැහැදිලි වන්නේ සසර ඉම තරණය කරනු හැක්කේ උතුම් රහත්ඵලය තුළින් පමණක් විනා ඉන් මෙ පිට වන ලෞකික සම්පත්තිය හරය ලෙස ගැනීමෙන් නොවන බවයි.




Monday, January 18, 2016

කුසලතා දියුණු කරගත හැකි මග - (කරණීයමත්ථ සූතය ඇසුරින්)

කුසලතා දියුණු කරගත හැකි මග - (කරණීයමත්ථ සූතය ඇසුරින්)

බොහෝ විට අප කරණීයමත්ථ සූත්‍රය උදේ සවස සජ්ඣායනා කරන්නට පුරුදුව සිටිමු. මෙම සූත්‍ර ධර්මය එසේ ගැයීම තුළින් අප අපේක්‍ෂා කරන්නේ ආරක්‍ෂාව,රැකවරණය වැනි ලෞකික අපේක්‍ෂාවන් සමූහයකි. එහෙත් මේ ධර්මය බුදුරජාණන් වහන්සේ විසින් දේශානාකොට වදාළේ ලෞකික අත්ත කුසල යට වඩා ලෝකෝත්තර අත්ථ කුසල ය පිණිසය. මෙහි අත්ථ කුසල යනු තමා තුළ ගොඩනගා ගත යුතු කෞෂල්‍යයන් හෙවත් කුසලතාවයන් පිළිබඳව අවබෝධය ලබා දෙනු පිණිසය.
නූතන අධ්‍යාපනඥයන් පුද්ගලයා තුළ ගොඩ නැගිය යුතු කුසලතාවන් හඳුනා ගෙන, ජීවිතයේ ඒ ඒ අවදීන් වලදී ඒ නිපුණතාවයන් ජයගත හැකි වන සේ අධ්‍යාපන ක්‍රමවේදයන්ට දරුවන් හුරුකරනු ලබයි. ඒ තුළින් අපේක්‍ෂා කරන්නේ ඔවුන් නියමිත වයස් මට්ටම් වලට පැමිණෙන විට දියුණු කරගත යුතු, ළඟා කරගත යුතු කුසලතාවන් ඔවුන් වෙත අත් පත් කරදීමයි.
දැනුම
ආකල්ප
කුසලතා  
යනු මූලික මානව ප්‍රේරණ සක්‍යතාවයන්ය. මේ සක්‍යතාවන් තුළ ඔවුන් ජීවන ලෝකයට හුරුවීමට හා මුහුණ දීමට අවැසි හැකියාවන්ගෙන් පූර්ණත්වයට පත් කරයි. අධ්‍යාපනයේ අවසාන ඵලය වන්නේ එවන් කුසලතා වලින් පිරි පිරිසක් ගොඩ නැගීමයි.
බුදු දහම ලෞකික ජීවිතය පිළිබඳව පුද්ගලයා වෙත ඉගැන්වීම් සමුහයක් උගන්වා ඇතත්, එහි මූලික හරය වන්නේ ආධ්‍යාත්මික ජිවිතය සාර්ථක කර ගැනීමයි. නැතහොත් නිවන ක්‍ෂාත් ක්‍ෂාත් කරගැනීමයි. එම නිවන් මග සාධනය වන ප්‍රතිපත්ති මාර්ගයන් අනුගමනය කරන පිළිවෙත් අනුව විවිධාකාරයෙන් ධර්මයේ විස්තර කර ඇතත් නිවන් මග සාධනයට හුරු කරගත යුතු මූලික ම සාධන මට්ටම් වන්නේ සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රි ශික්‍ෂාවෙන් යුතු වීමයි. නිවන් මග යා යුත්තේ මෙම ආකාර තුනකින් දක්වා ඇති ප්‍රතිපත්ති මගින් හික්මීමෙනි.
එහෙත් එම හික්මීම් මාර්ගයේදී විවිධාකාරයෙන් සම්පූර්ණ කල යුතු අංග සමූහයක් සත්තිස් බෝධිපාක්‍ෂික ධර්ම ලෙස දක්වා තිබේ. ඒ නිවන් මග යන ආර්ය ශ්‍රාවකයා තුළ ගොඩ නැගෙන නිපුණතා මට්ටම් සමූහකි. ඒ සෑම මගක ම අවසාන අපේක්‍ෂාව වන්නේ චතුරාර්යය සත්‍ය අව‍බෝධ කරගැනීමයි නැතහොත් ප්‍රඥාව ලැබීමයි.
            කරණියමත්ථ සූත්‍රය තුළ පුද්ගලයා විසින් ගොඩනගා ගත යුතු ගුණධර්ම මෙන්ම හැකියාවන් රාශියක් පෙන්නුම් කරයි. මෙහි කරණීයමත්ථ කුසලේන යං තං සන්තං පදං අභිස මෙච්ච -  යනුවෙන් දක්වනනේ අප පෙර සඳහන් කළ බුදු දහමේ පරම හරය වූ නිවන් මග සාධනය කරගැනීමට ‍හෙවත් නිවන් අවබෝධ කරගැනීමට නම් පුද්ගලාය විසින් ඇති කරගත යුකු සක්‍යතා මට්ටම් 14   කි.

Thursday, December 11, 2014



භාවනාව මගින් අපේ ශක්තීන් උපදවාගන්නා අයුරු විස්තර කෙරෙන සරළ ගවේශනාත්මක වැඩසටහනකි. මේ මගින් නිවැරදි භාවනා ක්‍රම මගින් අප ශක්ති අවදි කරගැනීමට මග පෙන්වයි.
සරළ සිංහල උපසිරැසි සහිතයි.

සිංහල උපසරැසි නොපෙනේනම් වීඩියෝව  පහතින් ඇති CC සලකුණ මත click කරන්න.


බෞද්ධ ‍ලෝකයේ අසිරිමත් ස්ථාන 7 ක් පිළිබඳව BBC  අයාතනය මගින් කරන ලද වාර්තාමය වැඩසටහනකි. ඉතා විශිෂ්ඨලෙස  බුදු දහමේ ආභාශය පිළිබඳව මින් විස්තර කරයි. සිංහල උපසිරැසි සහිතව නැරඹීමේ හැකිව ලැබේ.
 සිංහල උපසිරැසි සක්‍රිය නොමැතිනම් වීඩියෝව පහතින් ඇති CC හැඩති අයිකනය මත click කරන්න.

Thursday, March 15, 2012

සුගතිය හා දුගතිය හඳුනා ගන්න.

දුගතිය හඳුනා ගන්න.
අප කුඩා කල සිට ම අපාය පිළිබඳ ව අසා ඇත්තෙමු. එම අපාය හා දිව්‍ය ලෝකය පිළිබඳ අදහස, අප ව පවින් මුදවන්නටත් පිනට නැඹුරු කරන්නටත් ඉවහල් විය. වර්තමානයේ බොහෝ දෙනා විවිධ පාප ක්‍රියාවන් හි නිරත වන්නේ එහි විපාකයේ ගැඹුර බව නො දැන හෝ තැකීමක් නො කොට බව පැහැදිලි ය. එහෙත් අපායේ හෙවත් නිරයෙහි ස්වභාවය දන්නා පිරිස් පාපයෙන් බැහැර වෙති. නැත්තො
මධුවා මඤ්ඤතී බාලෝ යාව පාපං න පච්චති
යදාච පච්චතී පාපො අථ බාලෝ පාපං නිගච්ඡතී යනුවෙන් ධම්ම පදයෙහි දැක්වූ පරිදි පව් කමෙහි විපාකය දකින තුරු එය මිහිරි වූ වක් සේ සලකා කටයුතු කරති. ඒ බැව් දත් ලෝ වැඩ සඟරා කතු හිමියන් එම අදහස ම මෙසේ කවියෙන් දක්වා තිබේ.
        කරන කලට පව් මිහිරි ය                      මීසේ
        විඳින කලට දුක් දැඩි වෙයි                  ගිනි සේ
        හැඳින එපව් දුරලන                         උපදේසේ
        නො දුන මැනවි තුන් දොර                  අවකාසේ
 එනිසා නිරයෙහි තතු මදක් මෙසේ පැවසීම පවෙහි තරම හැඳින ගැනීමට බොහෝ අයට උපකාරී වන බව හඟිමි.

පුහුදුන් අප සැවොම කරන කියන සෑම දෙයක් ම කර්මයක් සඳහා හේතු වෙයි. එය කුසල් හෝ අකුසල් විය හැකි ය. එය තීරණය වන්නේ අපගේ චේතනාව අනුව ය. කුසල චෛතසික හා අකුසල චෛතසික අපගේ එම චේතනාව සකස් කරයි.
            ලෝභය
            ද්වේශය
            මෝහය යනු අකුසල චේතනාවන් ය. යම් ක්‍රියාවක් කිරීමේ දී මෙම චේතනාවන් මුල් වීමෙන් සිදු වේ නම් එය අකුසල ක්‍රියාවකි. එනම් අකුසල කර්මයකි. එහි විපාකයත් අකුසලයකි. එය අප හට විපාක දෙන්නේ කවර අයුරකින් ද යන්න. ධම්ම පයේ යමක වග්ගයේ පළමු ගාථාව මෙසේ පැහැදිලි කරයි.
        මනෝ පුබ්බංගමා ධම්මා - මනො සෙට්ඨා මනොමයා
        මනසා චෙ පදුට්ඨේන - භාසති වා කරොති වා
        තතොනං දුක්ඛමංවේති  - චක්කංව වහතො පදං


        අකුස‍ල චේතනාවේ බලවත් කම අනුව විපාක දිය යුත්තේ කවර අවස්ථාවක  දැයි බලමින් පසු පස එන්නා සේ අකුසල විපාකය අප පසු පස්සේ ගමන් කරයි. කරත්තය අනුව යන ගැල් සක පරිද්දෙනි.
කුසලය ද එසේම  යහපත් සැප විපාක ලබා දීමට උපකාරී වේ එය සෙවණැල්ලක් සේ අත් නො හැර යමින් සැප විපාකය ලැබෙන තුරු ළඟ රැඳේ.
පස් පවින් දිවි ගෙවන අය හට එනම්, සතුන් මරණ, සොරකම්  කරන, පරදාර සේවනයෙහි යෙදෙන්නන් හට මෙලොව දී නීතියෙන් දඬුවම් ලැබෙන්නා සේ පරලොව දී,  නිරයෙහි දුක් ලබා දේ. එම නිරය නම් අප කවුරුත් අසා ඇති අපායයි. බුදු දහමෙහි දේශනා කරන නිරය පිළිබඳ මනා අවබෝධයක් ලබා තිබීම අතිශයින් වැදගත් වෙයි.
මිනිසෙකුගේ මරණින් මතු ජීවිතය නිරයට පත් වනවා ද නැතහොත් සුගතිගාමී වනවා ද යන්න තීරණය වන්නේ එම පුද්ගලයා කරනු ලබන කර්ම  ශක්තිය මතය. යමෙක් ත්‍රිහේතුක අකුසල කර්මයන් සිදු කරමින් සිට එනම් ලෝභ, දෝස, මෝහ අකුසල මූලයන් නිසා යමෙක් කර්ම රැස් කරන්නේ නම් ඔහු ඊළඟ භවය සඳහා සකස් වන්නේ නරක, තිරිසන්, ප්‍රේත යන තුන් යෝනියෙන් එකකි.
ත්‍රිහේතුක කුසල මූලයන් නිසා යමෙක් කර්ම රැස් කරයි නම් දිව්‍ය හා මනුෂ්‍ය යන භවයන් හි උපැද්ම පිණිස කර්ම රැස් කර ගනී.
කම්මං සත්තේ විභජති යදිදං හීන පණීතතාය යනු තථාගත දේශනාව හෙයින්, රැස් කරනු ලබන කර්මයෙහි විපාකය අනුව සත්වයා සුගති ගාමි වීම හෝ දුගති ගාමි වීම සිදුවේ.
දු+ ගති  දුක් සහිත උපත යන තේරුමින් හෝ, නිර්+අය-  ලැබීම් වලින් තොර වූයේ හිස් වූයේ යන අර්ථයෙන් හෝ වි+නිපාත- විපත්තියට වැටීම යන අර්ථයෙන් අපාය හෙවත් නිරය විවිධ නම් වලින් ත්‍රිපිටක දේශනා තුළ හඳුන්වා ඇති අයුරු දක්න ට හැක. මෙම අපාය නැත හොත් නිරය - නරක, තිරිසන්, ප්‍රේත, අසුර යනුවෙන් කොටස් හතරක් ව දක්වා ඇතත්, මහා නිරය අටක් (8) හා ඔසුපත් නිරය එකසිය විසි අටක් (128) ක් පිළිබඳ ව දහමෙහි සඳහන්. එයින් අට මහා නරකය නම් 
  •  සංජීවය
  •  කාලසූත්‍රය,  
  •  සන්ඝාතය,
  • රෞරවය,
  • මහා රෞරවය,
  • තාපය,
  • ප්‍රතාපය,
  • මහා අවීචිය යන නම්වලින් පැහැදිලිය.

       
සංජීව - මෙම නිරයන්ට මෙසේ නම් තැබෙන්නේ එහි ක්‍රියා කලාපය අනුව සලකා ගෙනයි. එයින් සංජීවය නම් යම පල්ලන් විසින් දිලිසෙන අවි ආයුධ වලින් කැබලි කැබලි ලෙස කපමින් සිටිද්දී ඒ සත්වයන් නැවත නැවත උපත ලබන නිරයයි. සංජීව යන්නෙන් අදහස් කරන්නේ එකම විපාකය නැවත නැවත විඳීම සඳහා ඉපදෙමින් මැරෙමින් විපාකය ට මුහුණ දෙන්නට සිදුවීමයි. මෙහි උපන්නෝ පෙර අධික ක්‍රෝධයෙන්, හා මානයෙන් අනුන් පෙලමින් කටයුතු කරමින් කර්ම රැස් කළ අයයි. 
මිනිස් ලොව පනස් වසරක් චාතුම්මහාරාජික දෙව්ලොව එක් දිනකි. එවන් දොළොස් මසක් වසරක් වන අතර එවන් පන්සිය අවුරුද්දක් චාතුම්මහාරාජික දෙවිවරුන්ගේ ආයුෂය යි. එවන් පන්සිය අවුරුද්දක් සංජීව අවීචියෙහි එක් දවසකි.  මෙසේ බලන විට මිනිස් ලොව වර්ෂ වලින් සැලකුව හොත් වසර අනූ ලක්‍ෂයක් සංජීවයෙහි එක් දවසකි.

කාල සූත්‍ර - කාල සූත්‍රයෙහි උපන් අය යම පල්ලන් විසින් දැලි නූල් (කළු නූල්- කාල සුත්ත) ගසමින් දිලිසෙන පොර වෙන් සැස වේදනාවට පත් කරවයි. මෙහි උපන්නේ පෙර මව් පියන්ට, සිල්වත් ගුණවත් උතුමන්ට, තම ඥාති මිත්‍රාදීන් ට අපහාස කල පිරිස්, සුරාවෙන් සූදුවෙන් අනාචාරයෙන් කටයුතු කළ පිරිස්, අන්සතු දේ වංචා සහගත ලෙස අත්පත් කරගත් පිරිස්, නිරන්තර අන් අයගේ සිත් රිදෙන අයුරින් කතාබස් කළ පිරිස් ආදී අකුසල කර්මයෙන් දිවි ගෙවූ පිරිස් කාල සූත්‍රයේ උපත ලබති.
මිනිස් ලොව අවුරුදු සියයක් තව්තිසා දෙව්ලොව එක් දිනකි. එවන් අවසර දහසක් එහි දෙවියන් ආයුෂ විඳී. එවන් දහසක් වූ වසරක කාලය කාල සූත්‍රයේ එක් දවසකි. එවන් වසර දහසක් එහි ආයුෂ විඳිය යුතු ය. මිනිස් ලොව වසරින් ගත හොත් එය වසර තුන්කෝටි හැට ලක්‍ෂයකි.

සංඝාතය - අයෝමය පර්වතයක් මගින් සතුන් මිරිකමින් අඹරවන නරකයි සංඝාතය යි. එසේ වන්නේ සතුන් මැරුවන් හා ඇත්, අස්, ගව මහීෂාද්න් ට වධ දෙමින් වධ බන්ධනයට ලක් කරමින් වැඩගත් පිරිස් ය. පොදු දේ වංචා සහගත ලෙස පරිහරණය කළ පිරිස් ය. මිනිස් ලොව වසර දෙ සියයක් යාම දෙව් ලොව එක් දවසකි. එවන් දෙදහස් වසරක් යාම ලොව දෙවියෝ ආයුෂ විඳිති. එවන් වසර දෙදහසත් සංඝාත නිරයෙහි එක් දිනක ආයුෂයකි. එවන් වසර දෙදහසක් ඔවුහු එම නිරයේ දුක් විඳිති. මිනිස් ලොව වසින් දාහතර කෝටි හතළිස් ලක්‍ෂයකි.

රෞරවය - නව ද්වාරයෙන් ඇතුළට වැද ශරීරය දවන විට වේදනාවෙන් හඬන සතුන් ඇත්තේ රෞරවයෙහි ය. සතුන් මැරීම, මං පැහැරීම, මිනිස් ඝාතන කළ, ගේ දොර ගිනි තැබූ, පරිසරය දූෂණය වන අයුරින් කටයුතු කළ පිරිස් මෙම නිරයෙහි උපත ලබති. ඔවුන් මෙම නිරයෙහි දුක් විඳින කාල පරාසය සලකා බැලුව හොත් මිනිස් ලොව වසර පනස් හත්කෝටි හැට ලක්‍ෂයක් තරම් වන දීර්ඝ කාලයකි.
මහා රෞරවය - මහා ර‍ෞරවයෙහි උපන්නෝ රෞරවයෙහි උපන් නිරි සතුන්ට වඩා, වඩ වඩාත් මහ හඬින් නිරන්තර හඬන පිරිසකි. ඔවුන් විඳින දුක්ගැහැට විඳ දරා ගත නො හැකි ව එසේ හඬති. නිරන්තර ගිනි දැල් නිසා දැවෙමින් නැවත දැවෙමින් එහි ම උපදිති.  මිනිස් ලොව වසර අටසියයක් නිම්මානරති දෙව්ලොව එක් දවසකි. එවන් වසර අටදහසක් එලොව දෙවිවරු ආයුෂ විඳිති. එවන් වසර අටදහසක් මහා රෞරවයෙහි එක් දවසකි. එවන් වසර අටදහසක් ඔවුහු එම නිරයෙහි දුක් විඳිති. එය මිනිස් ලොව වසරින් ගණිත හොත් දෙසිය තිස් කෝටි හතළිස් ලක්‍ෂයක් තරම් දීර්ඝ කාලයකි.

තාපය - තාප ‍නිරයෙහි උපන් නිරි සත්වයෝ තමා කළ අකුසල කර්මයන්හි විපාක නිසා අතිශය රත් වූ යවුල් වලින් තම සිරුර සිදුරු කිරීමේ පීඩාව විඳිති. එයින් තැවෙන නිසා තාප නිරය ලෙස මෙය හඳුන්වයි.
අධර්මිෂ්ඨ ලෙස රට පාලනය කළ පිරිස් එවන් අධාර්මික ක්‍රියා සඳහා උපකාර කළ රාජ්‍ය සේවකයන් ද මෙම නිරයෙහි උපදිති.
මිනිස් ලොව වසරින් නවසිය විසිඑක් කෝටි හැට ලක්‍ෂයක් මේ නිරයට එක් දවසකි.
ප්‍රතාපය -  මෙම නිරයෙහි උපන් සත්වයෝ එහි යම පල්ලන් විසින් ගිනි ගෙන දැවෙන අයෝමය කඳු මුදුන් වලට නංවති. එහි මුදුනට වන් විට නැවත කඳු පාමුලට රූරා ඇද හැලෙන ඔවුන් කඳු පා මුල වන ගිනි ගෙන දැවෙන යවට මතට ඇද වැටෙති. එහි නැවත දැවෙන දුක් ස්වභාවයට පත් වෙති. මෙවන් නිරයට යන්නෝ, පණ ඇතිව මිනිසුන් ආදි සතුන් පිළිස්සූ පිරිස්, ගේ දොර දවා ලූ පිරිස්, ගහ කොළ- වනාත්තර දවාලූ පිරිස් වෙති.  
මෙම නිරයෙහි ආයුෂය අනන්ත කල්ප අඩක් වන තරම් දුක් විඳිය යුතු ය.
අවීචිය- සියලු නිරයන් අතර දුක් අධික ව විඳින නිරය වන්නේ මෙය යි. නිරන්තර ව දැඩිව ඇවිළෙන ගිනි දැල් නිසා දැවෙමින් පීඩාවට පත් වන නිරි සත්වයන් මෙම නිරයෙහි දුක් විඳී. ආනන්තරීය පාප කර්ම කළ පිරිස්, බොරුවෙන් කේලම් කීමෙන් අන් පිරිස් බිඳ වූ පිරිස්, පූජනීය ස්ථාන විනාශ කළ ඒ සඳහා අනුබල දෙන්නා වූ පිරිස්, දුසිල්වත් ව සිට අනිසි ලෙස සිව්පස පරිහරණය කළ පිරිස් ආදීන් මෙම නිරයෙහි උපදී.
එවන් නිරයට පත් වූ විට නිරන්තර ගිනි දැල්වලින් දැවෙමින් අනන්ත කල්පයක් වන කාලයක් එහි දුක් විඳිමින් පීඩාවට පත් වන බැව් සඳහන් ය.
මෙම අට මහා නිරය පිළිබඳ විමසීමේ දී අකුසලයෙහි විපාක කෙතරම් බියකරු ද යන්න වටහා ගත හැක. අකුසල් කරන කලට එය මිහිරි ලෙස හැඟුනත් එහි විපාක විඳීමේ දී අතිශය දුකට පීඩාවට පත් වන්නක් ද යන්න එයින් පැහැදිලි වේ. නුවණැත්තෝ අකුසලට බැහැර කරන්නේ මෙවන් දුකට පීඩාවට පත් ව සසර ජීවිතය අඳුරු කර ගැන්මට ඇති බිය නිසා ය. ලොව පාලනය වන ධර්ම ලෙස (දේව ධර්ම) පවට වන බිය හා ලජ්ජාව ධර්මය තුළ දක්වන්නේ  සත්වයාගේ සසර බියකරු බව හඳුනා කටයුතු කිරීමට.
(මජ්ඣිම නිකායේ දේවදූත සූත්‍රය හා රේරුකානේ චන්දවිමල නාහිමිපාණන්ගේ බෞද්ධයාගේ අත්පොත ඇසුරින් මෙහි සඳහන් කරුණු පිළිබඳ වැඩි දුර දැනුමැති බවක් ලබා ගත හැකිය.


Wednesday, November 23, 2011

අරි අටඟි මග සවිස්තර ලෙස දෙසූ සච්චවිභංග සූත්‍රය

අරි අට`ගි මග සවිස්තර ලෙස දෙසූ, සච්චවිභංග සූත‍්‍රය.


සම්මා සම්බුද්ධ ශාසනයෙහි පරම පවිත‍්‍ර වූ නිර්වාණාවබෝධය පිණිස එකායන මග වන්නේ ආර්යය අෂ්ඨාංගික මාර්ගයයි. ඉන් බැහැර වූ වෙනත් මගක් නොමැත. එකායනො අයං භික්‍ඛවෙ සත්තානං විසුද්ධියා අයමෙව අරියො අට්ටංගිකො මග්ගො. මෙම ආර්ය අෂ්ඨාංගික මාර්ගය හෙවත් චතුරාර්යය සත්‍ය නොදන්නා බව නිසා සත්වයා බොහෝ කලක් සසර සැරි සරන බවත් එයම අවබෝධ කිරීමෙන් සත්වයාගේ විශුද්ධියත්, නිර්වාණයත් අවබෝධ වන බව තථාගතයන් වහන්සේ විසින් දේසිතය. ඒ එකම වූ චතුරාර්ය සත්‍යය කිසිදු ගුරු උපදේශයකින් තොරව තමන් වහන්සේ විසින් ම අවබෝධ කොට වදාළ අතර, එය තම ශ‍්‍රාවකයන් උදෙසා දේශනා කරමින් තථාගතයන් වහන්සේ විසින් දම්සක් පැවතුම් සූත‍්‍රය ඉසිපතන මිගදායේදී ඇසල පුණු පොහෝ දිනකදී දේශනා කොට වදාළ සේක.
එසේ දේශනා කොට වදාළ, උතුම් චතුරාර්යය සත්‍යය දේශනාව නැවත වරක් භික්‍ෂූන් වහන්සේලාගේ දැන ගැනීම පිණිස අර්ථ විග‍්‍රහ කරමින් දේශනා කළ අවස්ථාවක් ලෙස සච්ච විභංග සූත‍්‍රය දේශනය දැකිය හැක. එම සූත‍්‍ර ධර්මය සූත‍්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ උපරි පණ්ණාසකයේ (මෙයම චතුභාණවාර පාළි නම් වූ පිරුවාණා පොත් වහන්සේ තුළ ද* ඇතුළත්ව ඇත.
තථාගතයන් වහන්සේ විසින් අවබෝධකොට වදාළ චතුරාර්යය සත්‍ය පුහුදුන් අය විසින් අවබෝධ කර ගැනීම පහසු වූවක් නොවේ. එය අනුපූර්ව ක‍්‍රමයක්(අනුපුබ්බ කිරියා* අනුපූර්ව ශික්‍ෂණයක් (අනුපුබ්බ සිකඛා* අනුපූර්ව ප‍්‍රතිපදාවක් (අනුපුබ්බ පටිපාදා* ඔස්සේ අවබෝධ කොට යුත්තකි. ඒ සඳහා අනන්ත කාල පරිච්ෙඡ්දයක් පුරුදු කළ පාරමිතා ශක්තියකින් තථාගතයන් වහන්සේ යුතු විය. සම්බුද්ධත්වයට පත්වන භවයේදී ද උත්වහන්සේ වසර හයක් දුෂ්කර වෘත අනුගමනය කිරීමෙන් එය පසක් වෙයි.
ඒ කෙසේ වෙතත් තථාගතයන් වහන්සේ විසින් නිවනට එකම මග වූ චතුරාර්යය සත්‍යය ස්වකීය ඤාණයෙන් ම අවබෝධ කොට වදාළහ. නිවනට එකම මග වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය ‘‘ තථාගතෙන අභි සම්බුද්ධො චක්ඛු කරණී, ඤාණ කරණී, උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති’’ යනුවෙන් දම්සක් පැවතුන් සූතයේදී පස්වග මහණුන් හට දේශනා කළේ එම මග එකම නිවන් මාර්ගය බැව් පැහැදිලි කරමිනි. මෙම මධ්‍යම ප‍්‍රතිපදාව නිසා චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාද, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි,- නුවණැස පහල වීම, ඥානය පහළ වීම, ප‍්‍රඥාව පහල වීම, අවිද්‍යාව දුරු කිරීම, නිසා ලැබූ අවබෝධය, ඒ තුළින් ලද ආලෝකය- පහළ වූ බව තථාගතයන් වහන්සේ දේශනා කළහ.
දම්සක් පැවතුම් සූත‍්‍රයේදී එම දේශනාව එසේ කිරීමෙන් අනතුරුව, එම චතුරාර්යය සත්‍යය විස්තරාත්මකව දේශනා කළ අවස්ථාවක් ලෙස සච්චවිභංග සූත‍්‍ර දේශනාව හැඳින්විය හැක. මෙම සූත‍්‍ර දේශනාව සම්පූර්ණයෙන් ම තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද දේශනාවක් නොවේ. මෙම දේශනාව ආර්මභ කොට එහි සවිස්තරාත්මක කරුණු විග‍්‍රහය සඳහා දම් සෙනවි අගසව් සැරියුත් මහ රහතන් වහ්නසේට පවරා තථාගත බුදුපියාණන් වහන්සේ දම් සභාවෙන් ඉවතට වැඩම කළ අතර, එතැන් පටන්  චතුරාර්යය සත්‍යයන්ගේ කීම (ආචික්ඛනා*, දෙසීම(දේසනා*, පැනවීම(පඤ්ඤපනා*, පිහිටුවීම(පටඨපනා*, විවරණය කිරීම (විවරණා*, විභාග කිරීම (විභජනා*, ප‍්‍රකට කිරීම (උත්තානි කම්ම*, අගසව් සැරියුත් මාහිමියන් වහන්සේ විසින් සිදුකරණ ලදි. එසේ කරන ලද දේශනාව සච්චවිභංග සූත‍්‍රයෙන් ප‍්‍රකට වේ.
මෙම සූත‍්‍ර දේශනාව මගින්                                                                                                                                                                                                                                                                      
දුක්ඛ ආර්යය සත්‍යය,
දුක්ඛ සමුදය ආර්යය සත්‍යය,
දුක්ඛ නිරෝධ ආර්යය සත්‍යය,
දුක්ඛ නිරෝධ ගාමිනි ප‍්‍රතිපදා ආර්යය සත්‍යය නම් වූ චතුරාර්යය සත්‍යයයේ එකිනෙකක් අංගයන් පිළිබඳව විවරණයක්, විගාග කිරීමක් මැනවින් සිදු කර තිබේ.

Monday, November 21, 2011

නිසි ලෙස රැකගන් ගව රැළ

නිසි ලෙස රැකගන් ගව රැුළ

ත‍්‍රිපිටක දේශනාවන් අතර ශ‍්‍රාවකයා හට වඩාත් පහසුවෙන් ධර්මය අවබෝධ වන සේ උපමා භාවිතයෙන් ධර්මය දේශනා කිරීමට තථාගත බුදුපියාණන් වහන්සේ උත්සාහ ගත් අවස්ථාවන් රැුසක් හමුවේ. එම දේශනාවන් අතරදී වඩාත් සරළව හා සමීප උපමා භාවිතයන්, වඩාත් පහසුවෙන් ශ‍්‍රාවකයාට ධර්මය අවබෝධ කරලීමට උපකාර වී ඇති බව පෙනේ.
මජ්ක්‍ධිම නිකායේ, මූලපණ්ණාසකයේ එන මහා ගෝපාලක සූත‍්‍රයද, තථාගතයන් වහන්සේ එබඳුම උපමා භාවිතයෙන් ධර්මය දේශානා කළ අවස්ථාවක් සේ පෙන්වා දිය හැකිය.
එම සූත‍්‍රයට අනුව අංග එකොළහනික් යුක්ත නොවන ගොපල්ලා ගවයන් පරිහරණයට, පාලනයට නුසුදුසු බව පෙන්වා දෙයි.
ඒකාදසහි භික්‍ඛවේ අංගෙහි සමන්නාගතෝ ගොපාලකේ අභබ්බො ගොණං පරිහරිතුං, ඵාතිකත්තුං කතමෙහි ඒකාදසහි. (බු.ජ. ති‍්‍රපිටක ම.නි. 526 පිට*
මහනෙනි, අංග එකොළහකින් යුතු නොවන ගොපල්ලා විසින් ගවයන් පරිහරණය කරන්නට, පාලනය කරන්නට, එම ගවයන්ගේ ගහනය වැඩි දියුණු කරන්නට සුදුසු නොවන්නේය. කවර අංග එකොළහකින්ද යත්.
1. න රූපඤ්ඤු හොති.
ගවයන් පාලනය කරන්නා, එනම් ගෝපාලකයා ගවයන්ගේ රූප ස්වභාවය පිළිබඳව මැනවින් අවබෝධ කර ගත්තෙකු විය යුතුය. එසේ විය යුත්තේ තම ගවයන් දුටු පමණින් හඳුනා ගැනීමටත් ඔවුන් සලකුණු කර ගැනීමටත් ඔවුන්ගේ ස්වභාවය උපකාර වන බැවිනි. රූප ස්වභාවය නොදන්නේ නම් ඔහු අදක්‍ෂයෙකි මන්ද, වෙනත් ගව රැුළක් හා එක් වුණු ගවයෙක් වේ නම් එම ගවයා තමන්ගේ එකෙකැයි දැන හඳනා ගැනීමේ හැකියාව ඔහු සතු විය යුතුය. එමෙන්ම එම ගවයන්ගේ සවභාවයද මැනවින් වටහා ගත යුතුය. ප‍්‍රචණ්ඩ වූ ගවයන් වගේම එළදෙනුන්, වසු පැටියන්, ගැබ්බරවූ එළ දෙනුන් පිළිබඳව මතකයේ තබා ගැනීම වැදගත්. උදෑසන ගාලින් පිට කරන ගව රැුළ සවස නැවත ගාල් කරන විට යම් වටෙක ගවයෙකුගේ ඌණතාවයක් පෙන්නුම් කෙරේනම් ඒ කුමන ගවයාද යන්න වටහා ගැනීමේ හැකියාව ඇත්තේ ගවයන් පිළිබඳව රූප ස්වභාවය දන්නේ නම් පමණි. එසේ හෙයින් යම් ගොපල්ලෙක් න රූපඤ්ඤූගොති - රූප ස්වභායව නොදන්නේ - නම් ඔහු ගව පාලනයට කිසි සේත් සුදුසු වන්නෙක් නොවේ. ඔහුගේ ගව රැුළෙහි පිරිහීමක් මිස වර්ධනයක් නොපෙනේ.
2. න ලක්ඛණ කුසලො හොති.
ඒ ඒ ගවයන්ගේ විශේෂ ලක්‍ෂණ දැකිය නොහැකි ගවපාලකයා ද අදක්‍ෂයෙකි. විශේෂ ලක්‍ෂණනම්. ගවපාලකයා ගවයන් ගේ චර්යාවන් පිරික්‍ෂා බැලිය යතුය. චණ්ඩ බව සැර පරුෂ බව, රෝගීබව, දැන හඳුනා ගැනීම හා එහි යම් වෙනසක් පෙනේ නම් ඒ කෙරෙහි තම අවධානය යොමු කිරීම ගව සම්පත රැුක ගැන්මට හේ සමත් වෙයි. එසේ නොවන්නේ නම් ඔහු ලක්‍ෂණ කෞෂල්‍යය හෙවත් ලකුණු දැන හඳුනා ගැනීමෙහි අසමර්ථයෙකි. නිපුණ නොවූවෙකි.
න අසාටිකං සාටෙතා හොති.
බොහො විට ගවයන්ගේ සිරුරු තුළ හට ගන්නා තුවාල නිසා ඒවයෙහි පණුවන් බිජු දැමීමත් ඒවා මේරීමෙන් පසු පණුවන් හටගැන්මත් සිදුවන බව ගවයන් පිළිබඳ තතු දන්නන් හට පැහැදිලි කළ යුතු නොවේ. එසේ වෙතත් යම් ගෝ පාලකයෙක් මෙම ඉහඳ පණුවන් පිළිබඳව මනා සෙවීමෙන් තොර වූ විට නිරෝගී ගවයෙකු ඇති කර ගත හැකි නොවේ. එය ක‍්‍රමයෙන් තම ගව සම්පතෙහි විනාශය සඳහා හේතු වන්නකි.


න වණං පටිච්ඡුාදෙතා හොති.
ගවයන්ගේ ශරීර වල ඇති වන තුවාල වලට නිසි ලෙස බෙහෙත් ගල්වා සුව කිරීම දක්‍ෂ ගව පාලකයෙකුගේ ලක්‍ෂණයකි. එසේ නොවන අදක්‍ෂ ගව පාලකයා තම ගව සම්පත රෝගී වන්නට ඉඩ හැරීමෙන් දිනෙන් දින තම ගව සම්පත අවම කර ගනී.
න ධූමං කත්තා හොතී
විශේෂයෙන් ගවයන් ගැවසෙන ස්ථානයන්හි මදුරු කැළ බොහෝ වන නිසා රාත‍්‍රියේ දී- ගොම්මනේදී- නිසි ලෙස දුම් දෙන්නට කටයුතු කළ යුතුය එවිට ගව ගහණය අසළින් ඈතට මදුරුවන් පලවා හැරිය හැක. මදුරු උවදුර නිසා පීඩා විදින ගවයන් හට අදක්‍ෂ ගව පාලකයා නිසි ලෙද දුම් දෙන්නට අසමත් නම් ඔහු ( න ධුමං කත්ථාහොති * ගවයන්ගේ නිරෝගි බව හා පිරිපුන් බව අහිමි කරගනී.
න තිත්‍ථං ජානාති
ගවයන් රැුකීමෙදී නිසි කලට ගවයන් හට ජලය ලබා දීමත් ඔවුන් පිරිසිදු කිරීමත් කළ යුතු වේ. ඒ සඳහා බොහෝ විට ගලන ජලයකට ගවයන් බැස්සවීමේදී තොටුපළ දැන සිටීම වැදගත් වේ. නිවැරදි තොටකින් දියට යොමු නො කළහොත් ජලයෙන් උවදුරු වීමට එයම හේතුවක් වෙයි. මෙහිම (මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසකයේ* චූල ගෝපාලක සූත‍්‍රය තොටුපල නිසි ලෙස නොදැන ගවයන් එතෙර කළ ගවපාකයකු තම ගවයන් විනාශ කර ගත් අයුරු පෙන්වා දී තිබේ. එසේ හෙයින් තොට නොදන්නා ගව පාලකයා තම ගවයන් අනතුරට හෙලයි.
න පීතං ජානාති.
ගවයන් දිය බිව් නොබිව් බව නොදැනීම ද අදක්‍ෂ ගව පාලකයෙකුගේ ලක්‍ෂණයක් වෙයි. ප‍්‍රමාණවත් පරිදි ජලය ලබා දී ගවයන් සුවපත් කළ යුතුය. ශක්ති සම්පන්න ගවයන් මෙන්ම දුර්වල වූවන් හටද ප‍්‍රමාණවත් පරිදි ජලය ලැබීමෙන් ශරීර ශක්තිය හා පෝෂණය ඉහල නංවා ගත හැකි අදක්‍ෂ ගව පාලකයා ඒ බැවි නොසලකා කටයුතු කරයි නම් ඔහුගේ ගව සම්පත නීරෝගී නොවේ.
න වීථිං ජානාති
ගවයන් දක්කාගෙන යාමේදී යායුතු හා නොයා යුතු මග නිසි ලෙස දැන සිටිය යුතුය. නිසි පරිදි තෘණ ආදී දේ ඇති තැන් පිළිබඳ අවබෝධය තිබිය යුතුය. එසේ නොමැති අදක්‍ෂ ගව පාලකයා තමාත් ගවයනුත් වෙහෙසට පත්කරයි.
න ගෝචර කුසලෝ හෝති
ගොදුරු බිම් පිළිබඳ මනා අවබෝධයක් ඇති ගව පාලකයා තම ගවයන්ට පිරිසිදු හා පෝෂණීය තණ කෑමට දෙයි. එමෙන්ම උවදුරු රහිත ගොදුරු බිම් හඳුනා ගනී. එය දක්‍ෂ පොල්ලකුගේ ලක්‍ෂණයයි.

අනවසේස දෝහීච හොති.
ඉතිරි නොකොට සියළු කිරි දෙවීම අදක්‍ෂ ගවපාලකයකුගේ ලක්‍ෂණයයි. ඔහු පැටවුන් හට ඉතිරි නොකොට සියළු කිරි දොවන්නනේ නම්, ගව රැුළෙහි වර්ධනයට අවශ්‍ය පැටවුන් නීරෝගිවත් පෝෂනීයවත් නොවැඬේ.
යෙ තෙ උසභා ගො පිතරො ගොපරිනායකා තෙ න අතිරෙක පූජාය පූජෙතා හොති.
ගව පීතෘන් එසේත් නැතිනම් ගව සම්පත වැඩි කරන්නට සමත් දෙනුන් ගැබ් ගන්වන්න සමත්, ශක්තියෙන් යුක්ත, නිරෝගී ගවයන් හඳුනා ඔවුන්ට අමතර වශයෙන් පෝෂනය අදෙසා දෙන ආහාර ලබා දෙමින් කටයුතු නොකරන ගව පාලකයා තම ගව සම්පත සඳහා නිරෝගි පැටවුන් නොලබයි.
තථාගතයන් වහන්සේ මෙම අදක්‍ෂ ගොපල්ලාගේ ලක්‍ෂණ ඇසුරින් ගැඹුරු හා විස්තරාත්මක ධර්මයක් භික්‍ෂූන් වහන්සේලා වෙත දේශනා කරන සේක. අදක්‍ෂ ගොපල්ලා මෙන්ම අදක්‍ෂ වූ ශ‍්‍රාවකයාද ලක්‍ෂණ එකොළහකින් යුක්ත වන්නේ නම් ඔහු තුළ අධ්‍යාත්මික පරිහානියක් මිස දියුණුවක් නොපෙනේ. එම ලක්‍ෂණ එකොළහම මේ නමින් ම හඳුන්වා ඇතත් තථාගතයන් වහන්සේ ඒ එකිනෙකක් ධර්ම න්‍යායයෙන් විස්තර කරන්නේ අවබෝධයේ පහසුව ඇති වන අයුරිනි.
මහණෙනිඕ එපරිද්දෙන්ම ධමෟ එකොළොසකින් යුක්තවූ මහණ තෙම මෙ‘ ශාසනයෙහි වැඩීමටදඕ දියුණුවටදඕ විපුල බවටද පැමිණෙන්ට සුදුසු නොවෙයි. කවර එකොළොසකින්ද යත්_ූ මහණෙනිඕ මෙ‘ සස්නෙහි මහණතෙම රූප නොදන්නේවෙ‘දඕ ලක්‍ෂණ නොදන්නේවෙ‘දඕ පණුබිජු ඉවත්නොකරන්නේ වෙ‘දඕ ත2වාල නොවසන්නේ වෙ‘දඕ දුම‘ නොඅල්ලන්නේ වෙ‘දඕ තොටුපල නොදනීදඕ බොන ලද්ද නොදනීදඕ වීථිය නොදනීදඕ ගොචරයෙහි අදක්‍ෂ වෙ‘දඕ ඉතිරි නොකර දොවන්නේ වෙ‘දඕ බොහෝ රාති1 දන්නාවූඕ පැවිදිවී බොහෝ කල් ගිය යම‘ ඒ ස්ථවිර භික්‍ෂූහු වෙත්දඕ ඔවුන්ට අන්‍යයන්ට වැඩිවූ පූජාවෙන් නොපුදන්නේ වෙ‘ද.(බු.ජ. ති‍්‍රපිටක ම.නි. 527 පිට*
එයද මේ කරුණු එකොළහ ම ගෙන විස්තර කරන්නේ ආර්යය ශ‍්‍රාවකයා තුළ නිවන් අවබෝධ කර ගැනීමට ඇතිකර ගත යුතු සැබෑ මග දැන ගත යුත්තේ කෙසේදැයි දක්වමිනි.
එම කරුණු එකිනෙකක් වශයෙන්
න රූපඤ්ඤු හොති.
න ලක්ඛණ කුසලො හොති.
න අසාටිකං සාටෙතා හොති.
න වණං පටිච්ඡුාදෙතා හොති.
න ධූමං කත්තා හොතී
න තිත්‍ථං ජානාති
න පීතං ජානාති.
න වීථිං ජානාති
න ගෝචර කුසලෝ හෝති
අනවසේස දෝහීච හොති.
යෙ තෙ භික්‍ඛු ථෙරා රත්තඤ්ඤු චිරපබ්බජිතා, සංඝපීථරො, සංඝපරිනායකා, තෙ න අතිරෙක පූජාය පූජෙතා හොති.

මහණෙනිඕ මහණතෙම කෙසේ නම‘ රූප නොදන්නේ වෙ‘ද/ මහණෙනිඕ මෙ‘ ශාසනයේ මහණ තෙම යම‘ කිසි රූපයක්වෙයි නම‘ ඒ සියලු රූපය සතර මහාභ?ත රූපයන් හා සතර මහා භ?තයන් නිසා පවත්නා රූපයයි ඇති සැටියෙන් නොදනීදඕ මහණෙනිඕ මෙසේ වනාහි මහණ තෙම රූප නොදන්නේ වෙයි. (බු.ජ. ති‍්‍රපිටක ම.නි. 529 පිට*
මෙම කරුණ විස්තර වශයෙන් සලකතොත් පැහැදි කරන්නේ. යම් ශ‍්‍රාවකයෙක් මේ රූපයන් නිසා මුලා වූවේ රූපයෙහි යථා ස්වභාවය නොදකී පෙණ පිංඩූපමං රූපං යනුවෙන් දක්වන්නේ රූපය පෙණ පිඩක් සේය. විසිතුරු ලෙස නෙත රවටන ලෙස දකින්නා වූ රූපය හට ගන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා භූතයන්ගෙනි. එයම උපාදාය රූප ලෙසත් අභිධර්මයේ උගන්වා ඇත්තේ සියළු රූප දැරීමේ හැකියාව මෙම භූත රූපයන් විසින් උරුම කර ගන්නා බැවිනි. එසේනම් යමෙක් යම් රූපයක් දැක එය, මලක්, ගසක්, මිනිසෙක් ගැහැණියක්, ගවයෙක්, සුණඛයෙක් ලෙස දකීනම් එහි සිදුවන්නේ සම්මුතිය දැකීම මිස. යථාස්වභාවය දැකීම නොවේ. මේනිසාම න රූපඤ්ඤූ හොති යනුවෙන් දක්වන්නේ එයයි. සම්මුතිය පමණක් දැකීමෙන් රූපය ඇති සැටියෙන් නොදැකීමයි. එසේ හැකියාව නොලබන්නා මේ ශාසනයෙහි අභිවෘද්ධියක්, දියුණුවක්, වැඞීමක් ලබන්නට නොහැකි අදක්‍ෂයෙක් වන බව මින් පැහැදිලි වෙයි.
න ලක්ඛණ කුසලො හොති.

යමෙක් කුසල් හා අකුසල් ලක්‍ෂණ මැනවින් හඳුනා ගන්නට අසමත් වේනම් ඒ ලක්‍ෂණ කුසලතාවය නොමැති කමිනි. මිහිඳු මහරහතන් වහන්සේ විසින් ලංකාගමනයෙන් පසු දෙවන දිනයේ දී රජතුමා ඇතුළු පිරිසට දේශනා කළ බාල පණ්ඩිත සූත‍්‍රයද කුසල් හා අකුසල් හඳුනා ගැනීම සඳහා රජතුමන් හට මග පෙන්වීමක් ලබා දීමට කළ දේශනාවකි. මෙහි ලක්‍ෂණ නොදන්නා බව යනුවෙන් දක්වා ඇත්තේ ද බාලයකු ලෙසින් කරනු ලබන පවිටු චේතනා මුල් වු ක‍්‍රායවන් හි අයහපත් විපාකයත්, කුසල චේතනාවන්හි යහපත් විපාකයත් නොදැකීමේ හැකියාවයි. එයද ආර්යය ශාසනයෙහි දියුණු පිණිස හෙතු නෙවන්නකි. මෙයම මිච්චා දිටඨියයි.

න අසාටිකං සාටෙතා හොති.
අදක්‍ෂ ගවපාලකයා මැස්සන් විසින් දමන ලද බිජු ඉවත් නොකිරීම නිසා ඉහඳ පණුවන් ගැවසෙන්නට ඉඩ හරින්නාක් මෙන් ශ‍්‍රාවකයාද තමන්ගේ සිත තුළට පැමිණි, කාම සංකල්පනා, ව්‍යාපාද සංකල්පනා, විහිංසා සංකල්පනා ඉවසන්නේ නම් එම කල්පනාවන් ඔස්සේ දියුණු වන සිත විසින් කාමයෙන් ව්‍යාපාදයෙන් හිංසාවෙන් යුතු මිත්‍යා සංකල්පනා සිත තුළ ඉහඳ පණුවන් සේ ඔඩු දුවනට ඉට හැරීමක් වන්නේය. තම සිත තුළ නැගෙන කාම කල්පනාවන් - වස්තුකාම, ක්ලේෂ කාම- දුරු කිරීමට වැයම් නොකරන තුරාවට දියුණුවක් නොපෙනේ. එමෙන්ම ව්‍යපාදය සේම හිංසන කාමයත් සිත සකස් කරන්නට ඉඩ නොදෙන ලාමක කල්පනාවන් වේ. එම කල්පනාවන්ගෙන් යුක්ත වන්නේනම් එම ශ‍්‍රාවකයා තුළ දියුණුවක් වර්ධනයක් දැකිය නොහැක.

න වණං පටිච්ඡුාදෙතා හොති.
නිසි පරිදි තුවාල දැක නිසි ප‍්‍රතිකාර කිරීමෙන් ගවයාගේ සුව සම්පත රැුක ගත හැක්කා සේම, ඇස, කන, නාසය, දිව ශරීරය කියන්නා වූ පංචද්වාරයන්ගෙන් ගන්නා වූ අරමුණු හේතුවෙන් හා ඒවා ආතම දෘෂ්ඨියෙන් දැකීමෙන්. ක්ලේස උපදවා ගැනීම වණ -තුවාල- වසා ගැන්මට තැත් නොකිරීම හා සමානය. රූපය, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාන යන පංච උපාදානාස්ඛන්දයන් හේතුවෙන් උපදින ක්ලේෂ ධර්මයන් හේතුවෙන් එයම සුභ ලෙස දකිමින් කටයුතු කරයි.
ඕමහණෙනිඕ කෙසේ නම‘ මහණතෙම ත2වාල නොවසන්නේවෙ‘ද/ මහණෙනිඕ මෙ‘ ශාසනයෙහි මහණ තෙම ඇසින් රූප දැක ශ2භ වශයෙන් ගන්නේ වෙයිදඕ ඉතාහොක්‍ෂ යයි ගන්නේ වෙයිදඕ යමක් හෙත2කොටගෙණ ඇසින් අසංවරව වසන්නහුට දැඩි ලොභය හා දොම‘නස යන ලාමක වූ අක2සල ධමෟයෝ රැුස්වන්නාහුදඕ ඒ ඇස සංවර කරගැනීමට නොපිළිපදියිදඕ ඇස නොරකියිදඕ ඇස සම‘බන්ධයෙන් සංවරයට නොපැමිණෙයිදඕ (බු.ජ. ති‍්‍රපිටක ම.නි. 529 පිට*

ඇස සේම සියළු ඉන්ද්‍රියන් නොරැුකීම, සංවරභාවයට පමුණුවා නොගැනීම ශරීරයේ ඇති වූ තුවාල නොවැසීම හා සම වන්නේය. ඒ තුවාල නිසි කලට ප‍්‍රතිකාර නොකිරීම නිසා ඔඩු දිවීම නිසා සියළු කාමාසවයන් ගේ වඞීමට හේතුවේ. එය අදක්‍ෂ ගවපාලකයා නිසි කල වණ නොවසා කටයුතු කළා සේම යම් ශ‍්‍රාවකයෙක් විසින් තම ඇස කණ නාසය දිව ශරීරය ආදී ඉන්ද්‍රියන් නිසි ලෙස නොරකින්නේ ඉන් ඔහු තුළ අභි වෘද්ධියක් දක්නට නොහැකි වන්නේය.

න ධූමං කත්තා හොතී
යම් ශ‍්‍රාවකයෙක් විසින් තමා උගත් පරිදි, තමන් ඇසු පමණින්, තමන් වැඩූ පමණින් යම් ධර්මයක් අණුන් උදෙසා විස්තර වශයෙන් පැහැදිලි කර නොදෙන්නනේ නම් ඔහු දුම් නෙදන ගව පාලකයා තම ගවරැුළේ අභිවෘද්ධිය නොදකිනා සේ අභිවෘද්ධියකට නොපැමිණේ.




න තිත්‍ථං ජානාති
යමෙක් තීර්ථය (තොටුපළ* නෙදන්නේ කෙසේද
මහණෙනිඕ මහණතෙම කෙසේනම‘ තොටවල් නොදන්නේදඕ මහණෙනිඕ මෙ‘ ශාසනයෙහි මහණතෙම බොහෝ ඇසූ පිරූ තැන් ඇතිඕ උගත් ආගම ඇතිඕ දහම‘ දරන්නාවූඕ විනය දරන්නාවූ මාතෘකා පාලි දරන්නාවූ යම‘ ඒ භික්‍ෂුූහු වෙත්දඕ ඔවුන් වෙත කලින්කල පැමිණඕ *ස්වාමීනිඕ මෙය කෙසේදඕ මෙ‘ පදයාගේ අථෟය කවරේදැ*යි නොවිචාරයිදඕ නැවත නැවත නොවිචාරයිදඕ ඒ ආයුෂ්මත්හු ඔහුට අප1කට කාරණය ප1කට කර නොදෙත්දඕ නොයෙක් සැක කටයුත්තන්හි සැක දුරු නොකරත්දඕ මහණෙනිඕ මෙසේ වනාහි මහණතෙම තොටවල් නොදන්නේ වෙයි.(බු.ජ. ති‍්‍රපිටක ම.නි. 529 පිට*

යම් ශ‍්‍රාවකයෙක් තමන්ට වඩා ශීල වෘද්ධ, තපෝ වෘද්ධ, ගුණ වෘද්ධ වු බහුශෘතයන් වෙත එළඹ ධර්මය පිළිබඳව මෙසේ නොවිමසන්නේ ද? ඉද භන්තෙ කථං? ස්වාමීනි මේ කුමක් ද? ඉමස්ස කො අත්ථො ති? මෙහි අර්ථය කුමක්ද යනුවෙන් නපරිපුච්චති, න පරිපඤ්ඤහති ප‍්‍රශ්න කරන්නේ නැත්නම් නැවත නැවතත් වමසන්නේ නැත්නම් ඔහු තුළ අභිවෘද්ධියක් දියුණු නොවේ. වැඞීමක් ඇති නොවේ. ශෘසනයේ බහුශෘත භාවය යනු වැසණු තැන් විවර කොට බැලීමටත්, නොදත් දේ මැනවින් උගෙනීමටත්, උගත් දේ වඩ වඩාත් තහවුර කර ගැනීමටත් ඉවහල් වන්නකි එසේ හෙයින් නිරන්තරයෙන් බහුශෘතයන් ඇසුරු කිරීම අභිවෘද්ධිය පිණිස හේතු වන්නකි.
න පීතං ජානාති.
දිය පිපාසයක් ඇත්තකු දිය සොයා යන්නා සේ තථාගත ධර්මය පිළිබඳ පිපාසයෙන් යුත්ත වූවෙකු තථාගත ධර්මය දේශනා කරන විට අසන විට ඒතුළින් ප‍්‍රිතියක් සතුටක් ලබන්නේ නම් ඔහු, ගවයන් දිය බිව් බව දන්නා ගව පාලකයෙක් සේ වෙයි. යමෙක් තුළ ධර්මය ඇසිමෙක් කිසිදු සතුටක් පරිපූර්ණබවක්, පිනායාමක් ඇති නොවන්නේ නම් අසම්පූර්ණ ලෙස ගවයන් ට දියදුන් අදක්‍ෂ ගව පාලකයෙක් සේ ඔහු තුළ දියුණුවක් දැකිය හැකි නොවේ. ධර්මය ඇසීම කෙරෙහි ආසක්ත වීම, එම ධර්මය මාගේ ජීවන පැවැත්ම යහපත් කර ගැනිම සඳහා හේතු වේවා යන පැතුම යමෙකුට වෙනම් ඔහු ධර්ම පිපාසයෙන් පෙලෙන්නෙකි. ඔහු දහම් තොටට බැස සිත් සේ දහම් රසයෙන් පිපාසය සිඳුවන්නා සේ ධර්මයෙන් සැනසුම ලබයි.
න වීථිං ජානාති
සම්බුද්ධ ශාසනය තුළ නිවන පෙන්වන්නේ ආර්යය අෂ්ඨාංගික මාර්ගයෙනි. යමෙක් මෙකී ආර්යය අෂ්ඨාංගික මාර්ය, චතුරාර්යය සත්‍ය නොදකීනම් ඔහු නිවැරදි මග දන්නෙක් නොවේ. ආර්යය අෂ්ඨාංගික මාර්ගය සීල,සමාධි, පඥා යන ත‍්‍රි ශික්‍ෂාවෙන් යුතු වූ මගයි. විමුක්තිය අපේක්‍ෂා කරන විමුක්ති කාමී ආර්යය ශ‍්‍රාවකයා විසින් මෙම ආර්යය මාර්ගය නිවැරදි ලෙස දැකිය යුතුය.
සම්මා දිටඨි - චතු සච්ච සම්මා දිට්ඨි හා කම්මස්ස්කථා සම්මා දිටඨි
සම්මා සංකප්ප - නෙක්කම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප.
සම්මා වාචා - මුසාවාදා වේරමණි, පරුසාවාචා වේරමණී, පිසුණා වාචා වේරමණී,
සම්පප්පලාපා වේරමණි
සම්මා කම්මන්ත - පාණාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණි, කාමේසු මිච්චාචාරා වේරමණි,
සම්මා ආජීව - වැරදි ජීවන වෘත්තියෙන් වෙන්ව යහපත් ජීවන ක‍්‍රමයක් ගොඩ නගා ගැනීම.
සම්මාවායාම - උපන් අකුසල් ප‍්‍රහාණයට, නූපන් අකුසල් නො ඉපදවීමට, නූපන් කුසල් උපදවා ගැනීමට, උපන් කුසල් වැඩි දියුණු කිරීමට වෑයම් කිරීම.
සම්මා සති. කායානු පස්සනා, වේදනානු පස්සනා, ධම්මානුපස්සනා, චිත්තානුපස්සනා යන සතර සති පට්ඨානයෙන් යුතු වීම.
සම්මා සමාධි ප‍්‍රථමධ්‍යාන ආදී ධ්‍යාන අංගයන් වැඩි දියුණු කිරීමට උත්සාහ කිරීම හා උපදවා ගැනීම යන මෙම ආර්යය අෂ්ටාංගික මාර්ගය ලෞකිකව හා ලෝකෝතරව දියුණු කර ගැනීමට යමෙක් නොදන්නේ නම් හේ වීථිය නොදන්නා නොදක්නා ශ‍්‍රාවකයෙකි.
න ගොචර කුසලො හොති
ශාසනයෙහි ගොදුරු බිම නිසි ලෙස හඳුනා ගත යුතු වන්නේ ඉන් ලබා ගන්නා ධ්‍යානාංගයන් විමුක්තිය පිණිස හේතු වන බැවින. ඒ ගොදුරු බිමනම්. සතර සතිපට්ඨානයයි. ධ්‍යානාධිගමය පිණිස හේතුවන කමටහනක් සේ වැඩිය යුතු වූ මෙම සතර සිතපට්ඨානය නොදන් ශ‍්‍රාවකයා ගොදරු බිම නොදන්නෙකි ඔහු වෙත අභිවෘද්ධියක් නොපෙනේ.
අනවසේස දොහි හොති
ඉතිරි නොකොට දොවන ගව පාලකයා ගවයන් රැුක්මෙහි අදක්‍ෂ වන්නා සේම ඉතිරි නොකොට දොවන ශ‍්‍රාවකයා ද ශාසන බ‍්‍රහ්ම චරියාවෙහි අදක්‍ෂ වෙයි. ඉතිරි නොකොට දොවන ශ‍්‍රාවකයාගේ ලක්‍ෂණයනම් ප‍්‍රත්‍යයහෙි පමණ නොදන්නා බවයි. තම යැපීමේ පමණ කුමක් දැයි නොදන්නේ නම් ඔහුගේ ආශ‍්‍රවයන් හි වැඞීමක් විනා ධ්‍යානාංගයන් හි වැඞීමක් නොපෙනේ. සිව්පසය පමණ දැන පිළිගැනීම, සරළ බව සැහැල්ලූ දිවි පැවැත්ම, භෝජනයෙහි පමණ දන්නා බව ආර්යය ශ‍්‍රාවකයකු තුළ තිබිය යුතු අනිවාර්යය අංගයක් වන්නේය. යමෙක් වෙත මේ හුරුව පළ පුරුද්ද නොමැත්තේ නම් ඔහු ඉතිරි නොකොට දොවන්නනෙකි.
න අතිරෙක පූජාය පූජෙතා හොති.
මහණෙනි මහණතෙම බොහෝ රාත‍්‍රි දන්නාවූඕ පැවදිව බොහෝ කල් ගියාවූ සංඝපීතෘවූ සංඝනායකවූ යම ඒ ස්ථවිර භික්‍ෂුහු වෙත්දඕ ඔවුන් විශෙෂ පූජාවෙන් කෙසේ නොපුදන්නේවෙ‘ද/ මහණෙනිඕ මෙ‘ ශාසනයෙහි මහණතෙම බොහෝ රාත1ි දන්නාවූඕ පැවිදිව බොහොකල් ගියාවූඕ සංඝපීතෘවූඕ සංඝනායකවූ යම‘ ඒ ස්ථවිර භික්‍ෂූහු වෙද්දඕ ඔවුන් කෙරෙහි ඇති තැනද නැති තැනද මෛත1ී සහගත කායකමෟ නොපවත්වයිදඕ ඇතිතැනද නැතිතැනද මෛත1ී සහගත වාක් කමෟ නොපවත්වයිදඕ ඇතිතැනද නැතිතැනද මෛත1ී සහගත මනොකමෟ නොපවත්වයිදඕ මහණෙනිඕ මෙසේ වනාහි මහණ තෙම බොහෝ දේ දන්නාවූඕ පැවිදිවී බොහෝ කල් ගියාවූඕ සංඝපීතෘවූ සංඝනායකවූ යම‘ ඒ ස්ථවිර භික්‍ෂුහු වෙත්දඕ ඔවුන් විශේෂ පූජාවෙන් නොපුදන්නේ වෙයි.
චිර රාත‍්‍රඥවූ බහුශෘත වූ සංඝ පීතෲන් වහන්සේලා කෙරෙහි ගෞරව සම්පයුක්තව කෙරෙන විශේෂ පූජාවන් ශාසන චිරස්තිතිය පිණිස ඉවහල් වේ. මෙසේ යම් ශ‍්‍රාවකයෙක් වෙතින් නිසි පරිද එම පූජාවන් නොවන්නේ නම් ඔහු තුළ අභිවෘද්ධියක් නොපෙනේ.

තථාගතයන් වහන්සේ එකොළොස් ආකාර වූ මෙම කරුණු දක්වා අදක්‍ෂ ගවපාලකයා මෙන්ම අදක්‍ෂ ආර්යය ශ‍්‍රාවකයාද තම දියුණුව නොදක්නා බවත් අභිවෘද්ධියක් නොදක්නා බවත් පෙන්වා දෙමින් යහපත් වූ අභිවෘද්ධි දායක ශාසනික බ‍්‍රහ්ම චර්යාවක ස්වභාවය මහා ගෝපාගක සූත‍්‍රයෙන් පෙන් දී වදාල සේක. එමෙන්ම මෙම සූත‍්‍රයේම ඉදිරිය තුළ දක්‍ෂ ගෝපාලකයා ලක්‍ෂණ එකොළසෙහි දක්‍ෂ වෙමින් තම ගවයන්ගේ දියුණු, වර්ධනය දක්නා පරිද්දෙන්ම දක්‍ෂ වූ ආර්ය ශ‍්‍රාවකයා තම අධිගමය ආකාර එකොළසකින් යුතු වූ ලක්‍ෂණ දියුණු කිරීම තුලින් සාධනය කර ගන්නා බව පේනාවා වදාළහ.