කුසලතා දියුණු කරගත හැකි මග - (කරණීයමත්ථ
සූතය ඇසුරින්)
බොහෝ
විට අප කරණීයමත්ථ සූත්‍රය උදේ සවස සජ්ඣායනා කරන්නට පුරුදුව සිටිමු. මෙම සූත්‍ර
ධර්මය එසේ ගැයීම තුළින් අප අපේක්‍ෂා කරන්නේ ආරක්‍ෂාව,රැකවරණය වැනි ලෞකික අපේක්‍ෂාවන්
සමූහයකි. එහෙත් මේ ධර්මය බුදුරජාණන් වහන්සේ විසින් දේශානාකොට වදාළේ ලෞකික අත්ත
කුසල යට වඩා ලෝකෝත්තර අත්ථ කුසල ය පිණිසය. මෙහි අත්ථ කුසල යනු තමා තුළ ගොඩනගා ගත
යුතු කෞෂල්‍යයන් හෙවත් කුසලතාවයන් පිළිබඳව අවබෝධය ලබා දෙනු පිණිසය.
නූතන
අධ්‍යාපනඥයන් පුද්ගලයා තුළ ගොඩ නැගිය යුතු කුසලතාවන් හඳුනා ගෙන, ජීවිතයේ ඒ ඒ
අවදීන් වලදී ඒ නිපුණතාවයන් ජයගත හැකි වන සේ අධ්‍යාපන ක්‍රමවේදයන්ට දරුවන් හුරුකරනු
ලබයි. ඒ තුළින් අපේක්‍ෂා කරන්නේ ඔවුන් නියමිත වයස් මට්ටම් වලට පැමිණෙන විට දියුණු
කරගත යුතු, ළඟා කරගත යුතු කුසලතාවන් ඔවුන් වෙත අත් පත් කරදීමයි.
දැනුම
ආකල්ප
කුසලතා
යනු මූලික මානව ප්‍රේරණ සක්‍යතාවයන්ය.
මේ සක්‍යතාවන් තුළ ඔවුන් ජීවන ලෝකයට හුරුවීමට හා මුහුණ දීමට අවැසි හැකියාවන්ගෙන්
පූර්ණත්වයට පත් කරයි. අධ්‍යාපනයේ අවසාන ඵලය වන්නේ එවන් කුසලතා වලින් පිරි පිරිසක්
ගොඩ නැගීමයි.
බුදු දහම ලෞකික ජීවිතය පිළිබඳව
පුද්ගලයා වෙත ඉගැන්වීම් සමුහයක් උගන්වා ඇතත්, එහි මූලික හරය වන්නේ ආධ්‍යාත්මික
ජිවිතය සාර්ථක කර ගැනීමයි. නැතහොත් නිවන ක්‍ෂාත් ක්‍ෂාත් කරගැනීමයි. එම නිවන් මග
සාධනය වන ප්‍රතිපත්ති මාර්ගයන් අනුගමනය කරන පිළිවෙත් අනුව විවිධාකාරයෙන් ධර්මයේ
විස්තර කර ඇතත් නිවන් මග සාධනයට හුරු කරගත යුතු මූලික ම සාධන මට්ටම් වන්නේ සීල,
සමාධි, ප්‍රඥා යන ත්‍රි ශික්‍ෂාවෙන් යුතු වීමයි. නිවන් මග යා යුත්තේ මෙම ආකාර
තුනකින් දක්වා ඇති ප්‍රතිපත්ති මගින් හික්මීමෙනි.
එහෙත්
එම හික්මීම් මාර්ගයේදී විවිධාකාරයෙන් සම්පූර්ණ කල යුතු අංග සමූහයක් සත්තිස් බෝධිපාක්‍ෂික
ධර්ම ලෙස දක්වා තිබේ. ඒ නිවන් මග යන ආර්ය ශ්‍රාවකයා තුළ ගොඩ නැගෙන නිපුණතා මට්ටම්
සමූහකි. ඒ සෑම මගක ම අවසාන අපේක්‍ෂාව වන්නේ චතුරාර්යය සත්‍ය අවබෝධ කරගැනීමයි
නැතහොත් ප්‍රඥාව ලැබීමයි.
කරණියමත්ථ
සූත්‍රය තුළ පුද්ගලයා විසින් ගොඩනගා ගත යුතු ගුණධර්ම මෙන්ම හැකියාවන් රාශියක්
පෙන්නුම් කරයි. මෙහි කරණීයමත්ථ කුසලේන යං තං සන්තං පදං අභිස මෙච්ච - යනුවෙන් දක්වනනේ අප පෙර සඳහන් කළ බුදු දහමේ පරම
හරය වූ නිවන් මග සාධනය කරගැනීමට හෙවත් නිවන් අවබෝධ කරගැනීමට නම් පුද්ගලාය විසින්
ඇති කරගත යුකු සක්‍යතා මට්ටම් 14 කි.
- සක්කො - හැකියාව ඇති පුද්ගලයකු වීම. එනම් නිවන් මග යාමට ඇති ආත්ම විශ්වාසය, ධෛර්යය, හා වීර්යය. පිළිබඳව වන විශ්වාසය
- උජු - නොවැනෙන සුළු ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කිරීම. නැතහොත් ඍජු වීම
- සූජූ - මනා ලෙස ඍජි වීම. කිසිසේත් තමා පිළිපන් ප්‍රතිපත්ති මාර්ගයෙන් බැහැරනොවී එය අනුගමනය කිරීමට ගොඩ නගා ගන්නා මානසික ශක්තිය
- සුවච - කීකරු බව. තම ඉන්ද්‍රියන් තම අරමුණ සමග පවත්වාගෙන යාම සඳහා ඇතිකරගන්නා හික්මීම
- මුදු - මෘදු බව දැඩි ප්‍රතිපත්ති හා දැඩි දෘෂ්ඨින් වල නොඑල්බීම.
- අනතිමානි - නිහතමානී ගුණය - තෙ වැදෑරූම් මානයෙන් දුරුව තම හැකියාවන් පිළිබඳව ගොඩනාගා ගන්නා විශ්වාසයෙන් කටයුතු කිරීම.
- සන්තුස්සක - ලද දෙයින් සතුටු වීම
- සුභර - පහසුවෙන් පෝෂණය කළ හැකි වීම
- අප්පකිච්ච - කටයුතු අල්ප වීම. බහු කෘත්‍යතාවෙන් තොර වීම (කටයුතු කර්මාන්ත, රැකී රක්‍ෂා බහුලව යෙදීම නිසා ඇති වන අවිවේකි බව, සමාජ සේවා කටයුතු ආදිය ද මෙයට ගත හැකිය.)
- . සල්ලහුකවුත්ති - සැහැල්ලු පැවතුම් ඇති බව.
- . සන්ත්‍රින්ද්‍රිය - ඉන්ද්‍රිය සංවරයෙන් යුතු වීම
- . නිපක- ප්‍රඥාව ඇති කරගැනීම, කටයතු මැනවින් අවබෝධ කරගැනීමේ හැකියාව
- . අප්පගබ්බ - කය හා වචනය සංවර කරගැනීම
- . කුලේසු අනනුගිද්ධ - කුල කටයතු වල, නැතහොත් ගිහි ජීවිතයේ කටයුතු සමග ඇලුම් ඇති කරගැනීම හේතුවෙන් බොහෝ විට නිවන් මග ගමන් කිරීමට බාධා ඇති වේ.
මේ නිවන් මග අනුගමනය කිරීම සඳහා කළ යුතු කාර්යයන් හෙවත්
කරණීය ධර්ම යන් ය. මේ හැකියාවන් තුළින් පුද්ගලයා සූදානම් සහිත පුද්ගලයකු බවට
පත්වේ.
නච බුද්ධං සමාචරේ
කිංචි යේන විඤ්ඤු පරේ උපවදෙය්‍යුං” නිවන් මගේ දී කිසිදු කුඩා වරදක් වුව ද
නොකිරීම එම ප්‍රතිපත්ති මාර්ගයට බෙහෙවින් අවශ්‍යවනු ඇත. වැරදි වලින් අත් මිදී
අනුගමනය කළ යුතු.
ධ්‍යාන මාර්ගය ලෙස දක්වන්නේ මෛත්‍රී ධ්‍යානයයි. බොහෝ විට අප සරළව
සැලකුවද මෛත්‍රී ධ්‍යානය නිසි ලෙස වැඩීම තුළ නිවන් මග දක්වාම එය උපකාරීවන බව
කරණියමත්ථ සූත්‍රය පැහැදිලි කරයි.
මෛත්‍රී ධ්‍යාන වැඩීමේ දී මෛත්‍රී කළ යුතු කොටස් 20 ක් මෙහි දක්වා ඇත.
"යේකේචි පාන භූතත්ථි තසාවා ථාවරාවා අනවසේසා දීඝාවායේ මහන්තාවා මජ්ඣිමාරස්ස
කානුකථූලා දිට්ඨාවා යේව අද්දිට්ඨා යේච දූරේ වසන්ති අවිදුරේ භූතාවා සම්භවේසීවා
සබ්බේ සන්තා භවන්තු සුඛිතත්තා"
කෙලෙස් සහිත සත්වයෝද, නිකෙලෙස් රහතන්
වහන්සේලාද දිග් ශරීර ඇති සත්වයෝද, මහත් ශරීර ඇති සත්වයෝද, මධ්‍යම ශරීර ඇති සත්වයෝද, කුඩා සත්වයෝද, වටකුරු සත්වයෝද, දුර සිටින සත්වයෝද, ලඟ සිටින සත්වයෝද,ඇසට පෙනෙන සත්වයෝද ඇසට නොපෙනෙන
සත්වයෝද, ඉපදුන සත්වයෝද, ඉපදීමට සිටින
සත්වයෝද යනුවෙන් මෙම සියලු සත්වයින්ටම නිදුක්වේවා, නිරෝගිවේවා, සුවපත්වේවා, ආදි වශයෙන් මෛත්‍රි වැඩීමට මෛත්‍රි කර්මස්ථාන වදාළහ.
මෙසේ මෙමත්‍රී සහගත වීම තුළ
මිනිස් සන්තානය තුළ පහල වන ළාමක චෛතසික සමූහයක් දුරු කරගැනීමට හැකියාව ලැබේ. එකි
නෙකා කෙරෙහි වංචා සහත වීම, අවමන් කිරීම, ගැටුම් ඇති කරගැනීම වැනි දුර්ගුණයන් නිසා
බොහෝ කෙලෙස් කායිකවත් වාචසිකවත් පුද්ගලයා තුළ හටගනී. එම දුර්ගුණ හේතුවෙන් ඔහු
මෙලොව වශයෙන් පරිහාණියට,දණ්ඩණයට පත්වනවා පමණක් නොව පරළොව වශයෙන් දුගතිගාමී වීමට
අවශ්‍ය කර්ම රැස්කරගනී.එබැවින්
"නපරෝ පරං නිකුබ්බේථ, නාති
මඤ්ඤේථ කත්ථචි නං කඤ්චි, ඛ්‍යාරෝසනා පටිඝ සඤ්ඤා, නාඤ්ඤමඤ්ඤස්ස දුක්ඛ මිච්ජ්‍යෙය"
කිසිම කෙනෙක් කිසිවකුට වංචා නොකෙරේවා, අවමන් නොකෙරේවා, කයින් වචනයෙන් ගැටුම් ඇතිකර නොගනීවා. කිසිවකුට දුකක් නො සිතාවා
යනුවෙන්
තම සිත සකස් කර ගත හැකි වෙතොත් එය ළාමක මිනිස් ගුණ පරදවා දියුණු ආධ්‍යාත්මික සක්‍යතාවයකින්
යුතු සිතක් බවට පත් කරගත හැක. බුදු දහමේ උගන්වන සිව් බඹ විහරණයන් තුළද දක්වන්නේ
මෙවන් උතුම් මානව ගුණයන් ය.
තම එකම දරුවා කෙරෙහි මවක දක්වන
සෙනෙහස මෙන් සෙනෙහසකින් අන් සියළු සත්වයන් කෙරෙහි සිව්බඹ විහරණයන් පතුරවාලන්නට
සමත් වෙතොත් එය දියුණු ආධ්‍යාත්මකි සක්‍යතාවකි.
"මාතා යථා නියං පුත්තං
ආයුසා ඒක පුත්තමනුරක්ඛේ, ඒවංපි සබ්බ
භූතේසු මානසම්භාවයේ අපරිමානං”
එකම දරුවෙක් ඇති මවක් තම දිවිනොතකා දරුවා ආරක්ෂා කරනවා මෙන් සියලු
සත්වයෝ තමන්ගේම දරුවන් මෙන් සලකා මෛත්‍රි සිත පැතිරවීම මෛත්‍රී ධ්‍යානයේ උසස්ම
දියුණුවයි.
මෙසේ දියුණු අධ්‍යාත්මික සක්‍යතාවයක්
ඇති කරගැනීම. බ්‍රහ්ම විහරණයක් බවට පත් කරගත හැකිය. ඒ තිට්ඨං සිටින විටදී, චරං - ඇවිදින විටදී, නිසින්නෝ- වාඩිවී සිටිද්දී, සයානෝ - නිදන විටදී, යාවතස්ස විගත මිද්ධෝ ඒතං සතිං අදිට්ඨය්‍යෙ බ්‍රහ්ම
මේතං විහාරං ඉධමාහු සිහියෙන් යුතුව බ්‍රහ්ම විහරණයක් බවට පත්වන බව මෙම සූත්‍රයේ
දක්වා ඇත.
බොහෝ අවස්ථාවන් වල අප සමථ
භාවනාවෙන් තොරව, විදර්ශනාව උදෙසා උත්සාහ කරන පිරිස් දැක ඇත්තෙමු. එහෙත් නිවන්
මගේදී සමථ භාවනාවෙන් ආරම්භව විදර්ශනාව
දක්වා සිත මෙහෙය වීම බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ පිළිවෙතයි.
කරණීයමත්ථ සූත්‍රය උදේ සවස
සජඣායනය කළත් ඒ සූත්‍රධර්මය තුළ සමථයේ සිට විදර්ශනාව දක්වා සිත දියුණු කරන අකාරය
පිළිබඳව දක්වා ඇති බව දකින්නේ අල්ප දෙනෙකි. ඔවුන් නිරන්තරයෙන් වා, පිත් සෙම්
කෝපවීමෙන් ඇතිවන කායික වේදනාවන් උදෙසා සුවය පතා හා නක්‍ෂත්‍ර ග්‍රහ දොස් හා
අමනුෂ්‍ය උවදුරු වලින් වන උපද්‍රව වෙනුවෙන් පිහිට පතා කරණීයමත්ථ සූත්‍රය ගායනා කළ ද
එය ධ්‍යානංගයක් ලෙස දියුණු කරමින් විදර්ශනා මාර්ගය දක්වා ම එය පිහිට වන බව සිහිකළ
යුතුය.
දිට්ඨිංච අනුපගම්ම සීලවා
දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය්‍ය ගේධං නහිජාතු ගබ්භ සෙය්‍යං පුනරේති”
මේ තුළින් පැහැදිළි කරන්නේ සම්‍යක්දෘෂ්ටිය
ට පත්වීම මගින් ආත්ම දෘෂටියෙන් දකින තම සිරුර පිලිබඳව ඇති ආත්ම ගත බව දුරුවේ. එහි
අනිත්‍ය දුක්ඛ අනාත්ම බව පිළිබඳව ස්ඛන්ධ ධාතු ආයතන වශයෙන් පවත්නා ශරීරයේ ස්වභාවය, ධර්මානුකූලව වටහා ගැනිම තුළ
විදර්ශනාව දියුණු වේ. මෙම ඉන්ද්‍රිය සක්‍යතාවයන් දියුණු වීම තුළ සෝවාන්,
සකෘදාගාමි, අනාගාමි යන මාර්ගයන් ට පත් විය හැකි. මෛත්‍රී ධ්‍යානයේ ශක්තිය එයයි.
එසේ අනාගාමී ඵලය තුළ සිට මියගිය හොත් බ්‍රහ්ම ලෝකවල උපත සිදුවන අතර නැවත කාම
භූමීන් වල උපතක් සිදු නොවේ. බඹ ලොවම සිට අර්හත් ඵලයට පත්විය හැකිය.
මෙම සූත්‍රය බුදුරජාණන් වහන්සේ
දේශනා කොට වදාළේ අරණ්‍යගතව භාවනානුයෝගී වූ භික්‍ෂූන් වහන්සේලාට ඇති වූ අමනුෂ්‍ය
උවදුරක් මග හරවා ගනිමින් තම අභිමතාර්ථයන් සාධණය කරගැනීමට කමටහනක් වශයෙනි. එසේ
වුවත් බොහෝ පිරිස් මේ තුළ වන කර්මස්ථාන
හැකියාව පිළිබඳ නොසලකා අමනුෂ්‍ය උවදුරු දුරුකිරීමේ හැකියාව පිළිබඳව පමණක්
සැලකිල්ලට ගිනිති. එනිසා අත්ථ කුසල වූ හැකියාවන් දියුණු කරගන්නවා වෙනුවට ලෞකික
උපද්‍රව වලට සහනයක් පමණක් අපේක්‍ෂා කරති.
නිවන් මගට අවශ්‍ය වන දැනුම,
ආකල්ප, කුසලතා දියුණු කරගැනීමේ පිළිවෙත් මාර්ගය මනා ලෙස විග්‍රහ කෙරෙන සුත්‍රධර්මයක්
ලෙස කරණීයමත්ථ සූත්‍රය දැක්විය හැකි හතර එය මානව කුසලතා දියුණු කරගත හැකි
ධර්මානුකූල මාර්ගයකි.
No comments:
Post a Comment