අරි අට`ගි මග සවිස්තර ලෙස දෙසූ, සච්චවිභංග සූත‍්‍රය.
සම්මා සම්බුද්ධ ශාසනයෙහි පරම පවිත‍්‍ර වූ නිර්වාණාවබෝධය පිණිස එකායන මග වන්නේ ආර්යය අෂ්ඨාංගික මාර්ගයයි. ඉන් බැහැර වූ වෙනත් මගක් නොමැත. එකායනො අයං භික්‍ඛවෙ සත්තානං විසුද්ධියා අයමෙව අරියො අට්ටංගිකො මග්ගො. මෙම ආර්ය අෂ්ඨාංගික මාර්ගය හෙවත් චතුරාර්යය සත්‍ය නොදන්නා බව නිසා සත්වයා බොහෝ කලක් සසර සැරි සරන බවත් එයම අවබෝධ කිරීමෙන් සත්වයාගේ විශුද්ධියත්, නිර්වාණයත් අවබෝධ වන බව තථාගතයන් වහන්සේ විසින් දේසිතය. ඒ එකම වූ චතුරාර්ය සත්‍යය කිසිදු ගුරු උපදේශයකින් තොරව තමන් වහන්සේ විසින් ම අවබෝධ කොට වදාළ අතර, එය තම ශ‍්‍රාවකයන් උදෙසා දේශනා කරමින් තථාගතයන් වහන්සේ විසින් දම්සක් පැවතුම් සූත‍්‍රය ඉසිපතන මිගදායේදී ඇසල පුණු පොහෝ දිනකදී දේශනා කොට වදාළ සේක.
එසේ දේශනා කොට වදාළ, උතුම් චතුරාර්යය සත්‍යය දේශනාව නැවත වරක් භික්‍ෂූන් වහන්සේලාගේ දැන ගැනීම පිණිස අර්ථ විග‍්‍රහ කරමින් දේශනා කළ අවස්ථාවක් ලෙස සච්ච විභංග සූත‍්‍රය දේශනය දැකිය හැක. එම සූත‍්‍ර ධර්මය සූත‍්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ උපරි පණ්ණාසකයේ (මෙයම චතුභාණවාර පාළි නම් වූ පිරුවාණා පොත් වහන්සේ තුළ ද* ඇතුළත්ව ඇත.
තථාගතයන් වහන්සේ විසින් අවබෝධකොට වදාළ චතුරාර්යය සත්‍ය පුහුදුන් අය විසින් අවබෝධ කර ගැනීම පහසු වූවක් නොවේ. එය අනුපූර්ව ක‍්‍රමයක්(අනුපුබ්බ කිරියා* අනුපූර්ව ශික්‍ෂණයක් (අනුපුබ්බ සිකඛා* අනුපූර්ව ප‍්‍රතිපදාවක් (අනුපුබ්බ පටිපාදා* ඔස්සේ අවබෝධ කොට යුත්තකි. ඒ සඳහා අනන්ත කාල පරිච්ෙඡ්දයක් පුරුදු කළ පාරමිතා ශක්තියකින් තථාගතයන් වහන්සේ යුතු විය. සම්බුද්ධත්වයට පත්වන භවයේදී ද උත්වහන්සේ වසර හයක් දුෂ්කර වෘත අනුගමනය කිරීමෙන් එය පසක් වෙයි.
ඒ කෙසේ වෙතත් තථාගතයන් වහන්සේ විසින් නිවනට එකම මග වූ චතුරාර්යය සත්‍යය ස්වකීය ඤාණයෙන් ම අවබෝධ කොට වදාළහ. නිවනට එකම මග වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය ‘‘ තථාගතෙන අභි සම්බුද්ධො චක්ඛු කරණී, ඤාණ කරණී, උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බාණාය සංවත්තති’’ යනුවෙන් දම්සක් පැවතුන් සූතයේදී පස්වග මහණුන් හට දේශනා කළේ එම මග එකම නිවන් මාර්ගය බැව් පැහැදිලි කරමිනි. මෙම මධ්‍යම ප‍්‍රතිපදාව නිසා චක්ඛුං උදපාදි, ඤාණං උදපාදි, පඤ්ඤා උදපාද, විජ්ජා උදපාදි, ආලෝකෝ උදපාදි,- නුවණැස පහල වීම, ඥානය පහළ වීම, ප‍්‍රඥාව පහල වීම, අවිද්‍යාව දුරු කිරීම, නිසා ලැබූ අවබෝධය, ඒ තුළින් ලද ආලෝකය- පහළ වූ බව තථාගතයන් වහන්සේ දේශනා කළහ.
දම්සක් පැවතුම් සූත‍්‍රයේදී එම දේශනාව එසේ කිරීමෙන් අනතුරුව, එම චතුරාර්යය සත්‍යය විස්තරාත්මකව දේශනා කළ අවස්ථාවක් ලෙස සච්චවිභංග සූත‍්‍ර දේශනාව හැඳින්විය හැක. මෙම සූත‍්‍ර දේශනාව සම්පූර්ණයෙන් ම තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන ලද දේශනාවක් නොවේ. මෙම දේශනාව ආර්මභ කොට එහි සවිස්තරාත්මක කරුණු විග‍්‍රහය සඳහා දම් සෙනවි අගසව් සැරියුත් මහ රහතන් වහ්නසේට පවරා තථාගත බුදුපියාණන් වහන්සේ දම් සභාවෙන් ඉවතට වැඩම කළ අතර, එතැන් පටන් චතුරාර්යය සත්‍යයන්ගේ කීම (ආචික්ඛනා*, දෙසීම(දේසනා*, පැනවීම(පඤ්ඤපනා*, පිහිටුවීම(පටඨපනා*, විවරණය කිරීම (විවරණා*, විභාග කිරීම (විභජනා*, ප‍්‍රකට කිරීම (උත්තානි කම්ම*, අගසව් සැරියුත් මාහිමියන් වහන්සේ විසින් සිදුකරණ ලදි. එසේ කරන ලද දේශනාව සච්චවිභංග සූත‍්‍රයෙන් ප‍්‍රකට වේ.
මෙම සූත‍්‍ර දේශනාව මගින්
දුක්ඛ ආර්යය සත්‍යය,
දුක්ඛ සමුදය ආර්යය සත්‍යය,
දුක්ඛ නිරෝධ ආර්යය සත්‍යය,
දුක්ඛ නිරෝධ ගාමිනි ප‍්‍රතිපදා ආර්යය සත්‍යය නම් වූ චතුරාර්යය සත්‍යයයේ එකිනෙකක් අංගයන් පිළිබඳව විවරණයක්, විගාග කිරීමක් මැනවින් සිදු කර තිබේ.
එහි ‘‘ කතමං චාවුසෝ දුක්ඛං අරිය සච්චං? ජාතිපි දුක්ඛා,ජරාපි දුක්ඛා, මරණංපි දුක්ඛං, සොක-පරිදෙව-දුක්ඛ-දොමනස්සුපායාසා දුක්ඛා, යම්පිංච්චං නලභති තංපි දුක්ඛං, සංකිච්ඡෙන පංචුපාදානක්ඛන්ධා දුක්ඛා’’ යනුවෙන් දුකෙහි ප‍්‍රභේදයන් දක්වා තිබේ. එකි නෙකක් අංගයන් පිළිබඳව තව දුරත් විවරණ සැපයීම ද මෙහි ධර්මය පහසුවෙන් අවබෝධ පිණිස හේතු වේ.
කතමා චාවුසො ජාති? ඒ ඒ සත්ත්වයන් ඒ ඒ සත්ත්ව නිකායයන් හි ඉපදීම(ජාති* හටගැන්මක් වේද (සංජාති* උත්පත්ති ස්ථානයට ඇතුළු වීමක් - පිිළිසිඳීමක්- (ඔක්කන්ති*, විශේෂයෙන් පහළ වීමක් (අභින්බ්බන්ති*, ස්කන්ධයන්ගේ පහළ වීමක් (ඛන්ධානං පාතු භාවො* වේද, මෙයම ජාතිය වේ. නැතහොත් ඉපදීම වේ. මෙනිසා හට ගන්නා වූ යම් දුකක් වේද එය ජාති දුකයි. ඉපදීම සියළු දුක්ඛ දෝමනස්සයන්ට හේතුවන බැවින් දුකකි.
කතමාචාවුසො ජරා? ජරාව නම් කිම ඒ ඒ සත්ත්වයන් ඒ ඒ් සත්ත්්ව යොනින් හිදී ජරාවට (ජරා* දිරායාමකට (ජීරණතා*, ගැලවුණු දත් ඇති බවට (ඛණ්ඩිච්චං*, කෙස් ලොම් පැසී සුදු වූ බවට (පාලිච්චං*, රැුළි සහිත සමක් ඇති බවට (වලිච්චතා*, ආයුෂයෙහි ගෙවී යාමක්-ඉක්ම යාමක්- (ආයූනං සංහානි *ඉන්ද්‍රියයන්ගේ අබල දුබල වීමක් (ඉන්ද්‍රියානං පරිපාකො* දක්නට වේද මෙයම ජරාවයි.
කතමාචාවුසො මරණං? ඒ ඒ සත්වයන් ඒ ඒ සත්ත්ව නිකායයන්ගෙන් චුත වීමක් (චුති* ජීවිතය හැරයන බවක් (චවනතා* ස්ඛන්ධයන්ගේ බිදීයාමක් වේද (භේදො*, ස්ඛන්ධයන්ගේ අතුරුදන් වීමක් (අන්තරධානං*, සම්මුති වශයෙන් මරණයට පත්මක් (මච්චු මරණං*, කාලක‍්‍රියාවක් (කාලකිරියා*, සිරුරින් නික්මීමක් -විඤ්ඤාණය හැරයාම- (කලෙබරස්ස නික්ඛේපො* වේද මෙය මරණයයි. මරණයෙහි අවස්ථා රැුසක් ඇති බව මින් පැහිදිලි වේ අප දකින මච්චු මරණ හෙවත් සම්මුති මරණය පමණක් නොව මරණය වන්නේ සිරුරට අත්වන්නා වූ විවිධ අවස්ථා රැුසකි.
කතමාචාවුසො සොකො? යම් පුද්ගයෙකු හට විවිධාකාරයෙන් නොයෙක් නොයෙක් ව්‍යසනයන්ගෙන් යක්ත වූ සත්වයන් හට ද`ගගෙයි වැටීම වැනි වූ නොයෙක් ව්‍යසනයකට හෝ තමන් ඇසුරු කරන්නාවූ ඇළුම් කරන්නා වූ යමෙකුට අත්වූ ව්‍යසනයක් නිසා හෝ ශෝක කරන බවක් වේද, දාහයක්, දැවීමක් සිරුර අභ්‍යන්තරයෙන් ඇවිළීමක් වේද මෙය ශෝක කිරීමයි.
කතමාචාවුසො පරිදේවො?
යමෙකුට අත්වූ ඥාතීන්ගේ විප්තියක් ආදී වූ විපතක් නිසා, නම් කිය මින් හ`ඩන බවක් (ආදේවො* වේද, ගුණ වණමින් හ`ඩන බවක් වේද, විලාප නැගීමක් වේද එය පරිදේවයයි.
කතමා චාවුසො දුක්ඛං?
යමෙක් හට තම කයෙහි හට ගත් යම් අමිහිර් බවක්, අපහසුවක්, කයෙහි හට ගත් දුකක් වේද එය දුකයැයි කියය එය කය නිසා හට ගත් දුකයි(කාය සම්පස්සජං දුක්ඛං* . මෙනේම සිතෙහි හට ගත් අමිහිරි හැ`ගීමක්, වේදනාවක්, දොම්නසක්, දුක්ක වේද එයද දුකකි. ඒ මනෝ සම්පස්සජ දුක හෙවත් සිතෙහි හගෙත්තා වූ දුකයි.
කතමාචාවුසො උපායාසො?
යම් විපත්තියක් නිසා හෝ දුකට පත්මක් නිසා හෝ දැඩි වූ වෙහෙසකර බවක් ඇති වේද. ඒ වෙහෙස නිසා නැවත නැවත ක්ලාන්ත වීමක් වේද, එය දැඩි වෙහෙස හෙවත් උපායාසයයි.
කතමාචාවුසො යම්පිච්චං න ලභති තම්පි දුක්ඛං?
යමක් නොලැබීම නිසා ඇති වන්නා වු දුකනම් කවරක්ද? එය සත්ත්්වයන්ට විවිධ ආකාරයෙන් හට ගනී එය ලෞකික සම්පත් අහිමි වී යාම නිසා පමණක් නොව පාර ලෞකික සම්පත්තින් කැමති වූ අයුරින් නොලැබී යාම නිසා ද හට ගන්නා වූ දුකකි. සසරෙහි හට ගන්නා වූ සත්වයන් හට මෙබඳු සංකල්පනාවක් ඇති වේ. ඒබ ව සච්චවිභංග සූත‍්‍රයේ දක්වා ඇතිතේ,
ඇවැත්නි, ඉපදීම ස්වභාවකොට ඇත්තාවූ සත්වයන්ට මෙබඳු කැමැත්තක් පහළ ෙව් අපි ඉපදීම ස්වභාව කොට ඇත්තාහු නොවන්නෙමු නම්, ඒකාන්තයෙන් අපට ඉපදීම නොපැමිණෙන්නේ නම් යහපතැයි කියායි. ෙම් වනාහි කැමැත්තෙන් නොපැමිණිය යුත්තකි. මෙයද කැමති යමක් නොලබා නම්, එයද දුක් ෙව්. ඇවැත්නි, දීරීම ස්වභාව කොට ඇත්තාහු නොවන්නෙමු නම්, ඒකාන්තයෙන් අපට දිරීම නොපැමිණෙන්නේ නම් ඉතා හොඳය කියායි. ෙම් වනාහි කැමැත්තෙන් නොපැමිණිය යුත්තකි. මෙයද කැමති යමක් නොලබා නම් එයද දුක්ෙව්. ඇවැත්නි, ව්‍යාධිය ස්වභාවකොට ඇති සත්වයන්ට මෙබඳු කැමැත්තක් පහළ ෙව්. අපි ව්‍යාධිය ස්වභාව කොට ඇත්තාහු නොවන්නෙමු නම්, ඒකාන්තයෙන් අපට ව්‍යාධිය නොපැමිණෙන්නේ නම්, ඉතා හොඳයයි කියායි. ෙම් වනාහි කැමැත්තෙන් නොපැමිණිය යුත්තකි. මෙයද, කැමති යමක් නොලබානම් එයද දුක්ෙව්. ........ (ම.නි. උපරිපණ්ණාසකය. සච්චවිභංග සූත‍්‍රය බු.ජ. ත‍්‍රි. 517 පිට*
මින් විවරණය වන්නේ සත්ත්වයන්ගේ අපේක්‍ෂාවන්හි අසීමාන්තික බවයි. ලද දෙය නුසුදුසු බව සිතමින් අන් ලෙසක් පතමින් ජීවත් වීම සත්වයන්ගේ සවභාවයයි. ජාතිය,ජරාව, ව්‍යාධිය, මරණය, සෝකය පරිදේවය දුක්ඛදොමනස්ස උපායාසයන්ට ලක් නොවන්නාවූ සත්වයෙක් මිහිපිට නොමැත. එය එසේ වුවද ඔවුන් ඒසේ නොවන්නේ නම් යෙහෙකැයි සිතමින් තැවේ. ඒ තුළින් හට ගන්නා වූ දුක, යමක් නොලැබී යාම නිසා ඇති වන්නා වූ දුකයි.
කතමාචාවුසො සංඛිත්තෙන පංචුපාදානාඛන්ධා දුක්‍ඛා?
පංච උපාදාන ස්ඛන්ධයම දුකක් බව දක්වන්නේ රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණයන් කෙලෙස් සහිත සත්වවයින් ගේ ආස‍්‍රවන් වර්ධනයට හේතුවන බැවින් කෙලෙස් සහිත රූපය මමායනය නිසා හටගන්නා දුක්ඛ දොමනස්සයන්ට මග පාදයි. සෙසු ස්ඛන්ධයන්ද එසේමය.
මේ දුක්ඛ ආර්යය සත්‍යය පිළිබඳව වන විස්තරය මගින් එකිනෙකක් අංගයන් පිළිබඳව පුළුල්ව අර්ථ විවරණය කරමින් පහදාලන්නේ දුක පිළිබඳව යථාවබෝධය ඇති වන අයුරිනි.
දෙවන ආර්යය සත්‍යයනම් දුක්ඛ සමුදය හෙවත් පෙර දැක්වූ සියළු දුක්ඛදොමනස්සයන්ට හෙතුවන්නේ කුමක්දැයි දක්වන දුක හට ගැනීම පිළීබඳව විවරණය සච්චවිභංග සූත‍්‍රයේදී ඉදිරිපත් කරන්නේ,
කතමාචාවුසො දුක්ඛ සුමුදයං අරිය සච්චං?
සත්ත්වයා නැවත නැවත සසර භවය ඇති කරන්නා වූ තෘෂ්ණාව -ආකාර තුනක් වූ කාම තණ්හා භව තණ්හා විභව තණ්හා- දුක හට ගැනීමට හේතුවයි. මෙම දුක හට ගැනීමේ හේතුව නොදන්නා සත්ත්වයා නැවත නැවත තණ්හාව හේතුවෙන් සසරින් සසරිට ගමන් කරයි. නැවතීමක් නොමැත.
දුක්ඛ නිරොධ ආර්යය සත්‍යය නම්, සසර බැඳ තැබීමට හේතුවන ත‍්‍රිවිධ තණ්හාවන් අසෙස විරාග නිරොධො- ඉතිරි නොකොට යම් නැති කිරීමක් හෙවත් වේද කැමැත්ත හෙවත් ඇලීම දුරු කරයිද එය දුක්ඛ නිරෝධ ආර්යය සත්‍යය වන බව
ඇවැත්නි, දුක්ඛ නිරොධ නම් ආර්ය සත්‍යය කවෙර්ද ඒ තෘෂ්ණාවගේම ශේෂ රහිතව (ඉතිරිවීමක්* නැතිව: නොඇලීමෙන් යම් නිරෝධයක්, ත්‍යාගයක්, දුරලීමක්, මිදීමක්, ඇළුම් රහිත බවක් ෙව්ද, ඇවැත්නි, මෙය දුක්ඛනිරෝධ නම් ආර්යය සත්‍යයයි කියනු ලැෙබ්.
මෙම සියළු සත්‍ය අංගයන් සවිස්තරාත්මකව දක්වමින් වඩාත් වැදගත් වූ සත්‍යය අංගය වන දුක්ඛ නිරෝධ ගාමිණි ප‍්‍රතිපදා ආර්යය සත්‍යය, දුකින් එතෙර වීමේ මගත් ඒ සඳහා අනුගමනය කළ යුතු වූ ප‍්‍රතිපදාවත් මැනවින් පෙන්වා දෙයි. එය එකම ආර්යය අෂ්ඨාංගික මාර්ගය පිළිබඳවයි. එක් එක් මාර්ග අංගයක් පිළිබඳව කෙරෙන විවරණය ලෞකික ජීවිතයත් ලෝකෝත්තර ජීවිතයත් සාර්ථක භාවයට පත් කර ගැනීම සඳහා බෙහවෙන් ඉවහල් වේ.
කතමාචාවුසො දුක්ඛ නිරොධගාමිනී පටිපාදා අරිය සච්චං? අයමෙව අරියො අට්ටංගිකො මග්ගො, සෙය්‍යථිදං? සම්මා දිටඨි, සම්මා සංකප්පො, සමිමාවාචා, සම්මා කම්මන්තො, සම්මා ආජීවො, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි.
බොහෝ විට අප විසින් ආර්යය අෂ්ටාංගික මාර්ගය මේයැයි සංඛාත්මකව හා නාමික වශයෙන් දැන සිටියද, එහි සවිස්තාරාත්මක අර්ථ නිරූපණයන් පිළිබඳව පුළුල්ව අවධානය යොමු කර නොමැත. ඒ නිසාම බොහො දෙනෙකු තමන්ට ධර්මාවබෝධය අපහසුයැයි පවසන්නේ මෙම ආර්යය මාර්ගයට ප‍්‍රවේශ වීමටවත් යම් උත්සාහක් නොදරමිනි. ලොකොත්තර තත්ත්වයට පත්වීමට පෙර මෙම ආර්යය මාර්ගය අනුගමනය කිරීමෙන් ලෞකික ජීවිතය හැඩ ගස්වා ගත හැකි බව දන්නේ අතලොස්සක් දෙනා පමණි. එසේ හෙයින් භාවනාවෙන් පමණක් නිවන ස්පර්ෂ කිරීමට වෙර දරන බොහො උවැසි උවැසියන් හට මෙම ආර්යය මාර්ගය දෛනික ජීවිතයේදී පුරුදු කළ හැකි අංගයක් බව වැටහිය යුතුය. එනිසාම එමඑ ක් එක් අංගයන් පිළිබඳව සූත‍්‍රගත දේශනා අනුව වූ විවරණයක් සැපයීම උචිතයැයි හ`ගිමි.
කතමාචාවුසො සම්මාදිටඨි ?
යමෙක් හට දුක්ඛ සත්‍යය පිළිබඳව දැනීමක් වේද, දුක හට ගැනීමට හේතුව නම් වූ දුක්ඛ සමුදය පිළිබඳව යම් අවබෝධයක් වේද, දුක්ක නිරෝධයනම් වූ දුක නැති කිරීම පිළි බඳව යම් අවබෝධයක් වේද, දුක නැති කිරීම සඳහා අනුගමනය කළ යුතු වූ ප‍්‍රතිපාදව වූ ආර්යය මාර්ගය පිළිබඳව යම් අවබෝධයක් වේද එය සම්මා දිටඨියයි. සම්මාදිටඨියෙහි ආකාර දෙකක් ව අතර මෙය චතු සච්ච සම්මාදිටඨියයි. අනෙක් ආකාරයනම් කම්මස්සකථා සම්මා දිටිඨියයි එනම් කුසලාකුසල කර්මයන්ගේ විපාක පිළිබඳව ඇති කරගන්නා වූ නිවැරදි අවබෝධයයි.
කතමාචාවුසො සම්මාසංකප්පො?
සම්මා සංකප්ප ලෙස දක්වන්නේ තම කල්පනාව නිවැරදි කර ගැනීමයි. නිරන්තරයෙන් චින්තන ක‍්‍රියාවලියක නිරතවන සත්ත්වයා විසින් ඇති කර ගත යුතු වූ යහපත් කල්පනාවන් ඇති කරගැනීම සම්මා සංකප්පයයි. වැරදි වූ කාම කල්පනාවන් ආදී වු කල්පකාවන් හි නිරත වූ විට සසර පැවත්ම සඳහා හේතුවන තෘෂ්ණාව උපදවයි. ඉන් බැහැරව ආර්ය මාර්ගයේ ගමන් කරන්නා විසින් ඇතිකරගත යුතු වූ සංකල්පනා හෙවත් නිවැදරි කල්පනාවන් තුනකි. එනම් නෙක්කම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, අවිහිංසා සංකප්ප. නෙක්කම්ම සංකප්පනම් ඇස, කන, නාසය, දිව, ශරීරය, යන පංච ඉන්ද්‍රියන් ඔස්සේ එන පංචකාම කල්පාවන්ගෙන් නිදහස් වීම සඳහා, මිදීම සඳහා ඇති කරගන්නා වූ කල්පනාවයි. කාම කල්පනා බැහැර කිරීමයි. අව්‍යාපාද සංකප්ප නම්, අන් අයකෙරෙහි ඊර්ෂ්‍යා පරවසව බැලීම් මාත‍්‍ර වශයෙන් ඇති කර ගන්නා වූ වෛරය පදනම් වූ ¥ෂිත කල්පනාවෙන් තම සිත මුදවා ලීමයි. ඉන් බැහැරව අව්‍යාපදය දියුණු කිරීමයි. අවිහිංසා සංකප්ප නම්, තමන්ගේ සැප පතා අන් සතුන් කෙරෙහි හිංසා කිරීමේ මානසික දුර්වලතාවයෙන් මිදිමයි.
කතමාචාවුසො සම්මා වාචා?
යහපත් වචනයනම් අප සැම විසින් නිරන්තරයෙන් සිදු කරන්නාවූ මුසාවාදය,පරුෂ වචනය, කේළාම් බස් දෙඞීම හා හිස්වචන දෙඞීම යන වචනය මූලික වීමෙන් වන්නාවූ වැරදි වලින් අත් මිදීමයි. සීලය යනු කය වචනය දෙකෙහි සංවර බවයි. නිත්‍ය සීලය වූ පංච සීලය මෙන්ම මහා සීලයන් ගෙන් වුවද සිදු වන්නේ කය වචන දෙකේ සංවර බව ඇති කොට එය ආර්යය මාර්ගයේ අංගයක් බවට පත් කිරීමයි. මෙහි සම්මා වාචා ලෙස දක්වන්නේ එවන් ආර්ය සීලයක් කරා යොමු වීමයි.
කතමාචාවුසො සම්මා කම්මන්තො?
වචනය නිවැරදිව ගොඩ නගා ගැනීමෙන් පසු, තම කයද ඒ අනුව සංවර කර ගත යුතුය. කයින් වන වැරදි වන, ප‍්‍රාණඝාතය, සොරකම හා වැරදි කම් සැප සෙවීමේ උත්සාහය අත් හැර නිවැරදි කාය කර්මයක නිරත වීමයි.
කතමා චාවුසො සම්මා ආජීවො.
ඉධාවුසො අරිය සාවකො මච්ඡුා ආජීවං පහාය, සම්මා ආජීවේන ජීවිතං කප්පෙති අයං ආවුසො සම්මා ආජීවො.
යමෙක් මිත්‍යා හෙවත් වැරදි ජීවන ක‍්‍රමයෙන් ඈත්ව නිවැරදි ජීවන ක‍්‍රමයක් දිවිපැවිත්මක් අනුගමනය කෙරේ ද එය සම්මා ආජීවයයි. පුහුදුන් අය විසින් කරනු ලබන ජීවන වෘත්තීයේ පටන් ආර්යය මාර්ගයට පිළිපන් ශ‍්‍රාවක සමුහයා විසින් සිදුකරනු ලබන සිව්පස පරිභෝජනය ද නිවැරදි විය යුතුය. එය ධර්මික ව ලබන පිණ්ඩපාතයේ පටන් ඉතා පිළිකුල්ව ඉවත දමන පාංශුකූලික වස්ත‍්‍රය දක්වාම යහපත් විය යුතුය. විශේෂයෙන් මෙහිලා සිහිපත් කළ යුත්තේ පුහුදුන් බෞද්ධ ජනයා විසින් කළ යුතුම වූ ජීවන ක‍්‍රමය සකස් කර ගැනීමේදී බුදු රජාණන් වහන්සේ පෙන්වා දුන් නිවැරදි ජීවන ක‍්‍රම අනුගමනය කරන්නේ නම් එය ලෞකිකව මැදුම් පිළිවෙතෙහි ගමන් කිරීම බවයි. එහිදී නොකළ යුතු වූ වැරදි ජීවන ක‍්‍රම පහක් පිළිබඳව අවධාරණය කර තිබේ. සත්ත වණිජ්ජා- සතුන් වෙළදාම් කිරීම, සත්ථ වණිජ්ජා - අවි ආයුධ වෙළදාම් කිරීම, මංස වණිජ්ජා- මස් මාංස වෙළඳාම් කිරීම, මජ්ජ වණිජ්ජා- මත්පැන් මත් ද්‍රව්‍ය ආදිය වෙළඳාම් කිරීම, විෂ වණිජ්ජා - වස විෂ වෙළඳාම් කිරී ආදීය අධාර්මික ජීවන වෘත්තීන් බවත්, අනුගමනය කළ යුත්තේ කෘෂිකර්මය, රාජ්‍ය සේවය, වෙළදාම, ආදීවන තම ධාර්මකව ඉටුකළ හැකි ජීවන ක‍්‍රමයක් බවත් අවධාරිතය. මෙයද සම්මා ආජීවයෙහිලා ගැනේ.
කතමාචාවුසො සම්මා වායාමො?
නිවරදි උත්සායය හෙවත් ඇති කර ගත යුතු උත්සාහය-වෑයම ආර්යය මාර්ගය අනුව සතර ආකාරයක් වෙයි.
නූපන් අකුසල් නො ඉපදවීමට කැමත්ත උපදවා (ඡුන්දං ජනේති- ඒ ඒ පාප කර්ම නො උපදවන පිළිවෙත් පිරීමට* උත්සාහ කෙරේද (වායමති*, වීර්යය පවත්වා (විරියං ආරභති* සිත වස`ග නොවන සේ සිත පවත්වා ගනී(චිත්තං පග්ගණ්හාති*, ප‍්‍රධන් වීර්යය පවත්වා ගනී(පදහති* ද,
උපන් අකුසල් දුරු කිරීමට, නූපන් කුසල ධර්මයන්ගේ (ප‍්‍රථම ධ්‍යානා දී වූ* ඉපදවීම පිණිස, උපන් කුසල ධර්මයන්ගේ ස්ථාවර බව පිණිස පෙර සේම ඇති කර ගන්නා වූ උත්සාහය සම්මා වායාම යයි. ප‍්‍රධන් වීර්යය හෙවත් ආරබ්ධ වීර්යය සථ්‍යාවබෝධයේ දී අනුල්ලන්ගනීය අවශ්‍යතාවයකි.
කතමාචාවුසො සම්මා සති.
සම්මා සතිය යනු සති පට්ඨානයයි. කවර සති පට්ඨානයක් ද යන්න අභිධර්ම පිටකයේ විභංගප‍්‍රකරණයේ, සතිපට්ඨාන විභංගයේ දී මෙසේ විස්තර කරයි.
සතිපට්ඨානයෝ සතර දෙනෙක් වෙති. ෙම් සස්නෙහි මහණතෙම කෙලෙස් තවන වීර්යය ඇතිව, යහපත් ප්‍රඥා ඇතිව, සිහියෙන් යුක්තව, ෙම් ශරීරයෙහි ලෝභයද, නොසතුටද සංසිඳවාගෙන, ආධ්‍යාත්මිකවූ කයෙහි කය අනුව බලමින් වාසය කෙෙර්ද, බාහිරවූ කයෙහි කය අනුව බලමින් වාසය කෙෙර්ද, ආධ්‍යාත්මිකවූද, බාහිරවූද කයෙහි කය අනුව බලමින් වාසය කෙෙර්ද, කෙලෙස් තවන වීර්යය ඇතිව, යහපත් ප්‍රඥා ඇතිව, සිහියෙන් යුක්තව, ලෝභයද, නොසතුටද සන්සිඳුවාගෙන, ආධ්‍යාතමික (තමන්ගේ* ෙව්දනාවන්හි ෙව්දනාව අනුව බලමින් වාසය කෙෙර්ද, බාහිරවූ (අනුන්ගේ* ෙව්දනාවන්හි ෙව්දනාව අනුව බලමින් වාසය කෙෙර්ද, ආධ්‍යාත්මිකවූද, බාහිරවූද ෙව්දනාවන්හි ෙව්දනාව අනුව බලමින් වාසය කෙරේද, කෙලෙස් තවන වීර්යය ඇතිව, යහපත් ප්‍රඥා ඇතිව, සිහියෙන් යුක්තව, ෙම් ශරීරයෙහි ලෝභයද, නොසතුටද සන්සිඳුවාගෙන, ආධ්‍යාත්මික සිතෙහි සිත අනුව බලමින් වාසය කෙෙර්ද, බාහිරවූ සිතෙහි සිත අනුව බලමින් වාසය කෙරේද, ආධ්‍යාත්මිකවූද, බාහිරවූද සිතෙහි සිත අනුව බලමින් වාසය කෙෙර්ද, කෙලෙස් තවන වීර්යය ඇතිව, යහපත් ප්‍රඥා ඇතිව, සිහියෙන් යුක්තව, ෙම් ශරීරයෙහි ලෝභයද, නොසතුටද සංසිඳුවාගෙන, ආධ්‍යාත්මික ධර්මයන්හි ධර්මය අනුව බලමින් වාසය කෙෙර්ද,
මේ අනව සතිපට්ඨානය නම් කායානුපස්සනා, වේදනානු පස්සනා, ධම්මානුපස්සනා, චිත්තානුපස්නා යන සතර ආරකාරයෙන් සිහියෙන් බලමින් සතිය හෙවත් සිහිය නිවැරදිව පිහිටුවා ගැනීමයි.
කතමා චාවුසො සම්මා සමාධි,
ප‍්‍රඥාභිමුඛ ව වීර්යය වැඞීමේ දී එහි අවසාන වෑයම නම් සම්මා සමාධියෙන් පඥාව ලැබීමයි. පඥා උපදවා ගැනීමට ප‍්‍රථමධ්‍යානාදී වූ ධ්‍යානාංගයන්ගෙන් සිතෙහි එක`ගතාව දියුණු කර ගත යුතුය.
පංචකාම ගුණයන්ගේ වෙන්වීම (විවිච්ච*, අකුසල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්ක සහිත වූ (සවිතක්කං*, විචාර සහිත වූ (සවිචාරං*විවේකයෙන් හටගන්නා වූ (විවේකජං*, ප‍්‍රීතිය හා සැපය ඇත්තා වූ (පීතී සුඛං*, ප‍්‍රථමධ්‍යානය (පඨමජඣානං * ප‍්‍රථමධ්‍යාන කුසල සිත උපදවා වාදය කරයි එය සමාධියේ පළමුධ්‍යානංගයයි. ඉන් අනතුරුව විතක්ක විචාර දෙකද සංසිඳාවා සිතෙහි එක`ගතාවෙයන් උපදවා ගන්නා වූ දුතියධ්‍යානය ද, ප‍්‍රීතියද හැර එහි නො ඇලී උපේක්‍ෂා හෙවත් මධ්‍යස්ථ බවින් යුතුව තෘතියධ්‍යානය උපදවාගෙන සිහියද, නුවණැති බවද, කයින පටිසංවේදේ ති (විඳියි*. කයෙහි හට ගන්නා වූ සැපයද දුරු කොට, දුකද දුරු කිරීමෙන් සොම්නස හා දොම්නස දෙකම නැතිව යාමෙන් දුක් නොවන, සැප නොවන අපක්‍ෂපාත බව හෙවත් උපෙක්‍ෂාවෙන් යුතුව සතරවන ධ්‍යානය උපදවා වාසය කරයි.
ඇවැත්නි, සම්‍යක් සමාධිය නම් කවෙර්ද, ඇවැත්නි, ෙම් සාසනයෙහි භික්‍ෂුතෙම කාමයන්ගෙන් වෙන්වම අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිතවූ, විචාර සහිතවූ, විෙව්කයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වාසය කරයි. විතරක විචාරයන්ගේ සංසිඳීමෙන් අධ්‍යාත්මයේ පැහැදීම ඇති සිත පිළිබඳ එකඟ බව ඇත්තාවූ, විතර්ක රහිතවූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතිය ඉක්මවීමෙන් උපෙක්‍ෂා ඇත්තේ වාසය කෙරෙයි. සිහියෙන් යුක්තවූයේ, කයින් සැප විඳියි. යම් ධ්‍යානයක් උපෙක්‍ෂා ඇත්තේ, සිහියෙන් යුක්තවූයේ, සැප විහරණය ඇත්තේයයි ආර්යයෝ කියත්ද ඒ තෘතීයධ්‍යානයට පැමිණ පැමිණ වාසය කරයි. සැපය නැති කිරීමෙන් දුක නැති කිරීමෙන් කල් ඇතිවම ෙසාම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන් දුක් නැත්තාවූද, සැප නැත්තාවූද උපෙක්‍ෂාවෙන් හටගත් සිහිය පිළිබක්‍ෂ පිරිසිදු බැව් ඇති චතුර්ථ ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඇවැත්නි, ෙම් සම්‍යක් සමාධියයි කියනු ලැෙබ්.
සච්චවිභංග සූත‍්‍රයේ එය පැහැදිළි කර ඇත්තේ ඒ අයුරිනි.
මෙය දුක්ඛ නිරොධය හෙවත් දුක් නැති කිරීමේ උතුම් මාර්ග සත්‍යය ලෙස තථාගතයන් වහන්සේ විසින් ස්වකීය අවබෝධයෙන් සම්මා සම්බුද්ධත්වයට පැමිණ තම ශ‍්‍රාවක සමූහයාවෙත මහා කරුණාවෙන් දේශනා කොට වදාළ චතුරාර්යය සත්‍යයේ හරයයි.
මෙම ආර්යය අෂ්ඨාංගික මාර්ගය සමන්විත වන්නේ සීල සමාධි පඥා යන ත‍්‍රිවිධ ශික්‍ෂාවෙනි. ඉන් බැහැරව සත්‍යය සෙවිය හැකි මගක් බුදු දහමේ නොපෙන්වයි. කවර ප‍්‍රතිපදාවක් අනුගමනය කළත් එය ආර්යය අෂ්ඨාංගික මාර්ගය හෙවත් ත‍්‍රිවිධ ශික්‍ෂාව ඔස්සේම සම්පූර්ණ වේ.
මෙම ප‍්‍රතිපදා මාර්ගය, අනුපුබ්බ කිරියා (අනුපූර්ව කි‍්‍රයාවකින* අනුපුබ්බ සිකඛා (අනුපූර්ව ශික්‍ෂණයකින්* අනුපුබ්බ පටිපදා(අනුපූර්ව ප‍්‍රතිපදාවකින්* සම්පූර්ණ විය යුතත්තකි. එම අනු පූර්ව ප‍්‍රතිපදාව මධ්‍යම නිකායේ මජ්ඣිම පණ්ණාසකයේ කීටාගිරි සූත‍්‍රයේ මෙසේ විස්තර කරයි.
මහණෙනි, මම එක්වරම රහත්වීමට නොකියමි. එසේ වුවත් මහණෙනි, පිළිවෙළින් හික්මීමෙන්, පිළිවෙළින් කටයුතු කිරීමෙන් පිළිවෙළින් පිළිවෙත් පිරීමෙන් රහත්බවට පැමිණීමෙව්.
මහණෙනි, කෙසේ පිළිවෙළින් හික්මීමෙන්, පිළිවෙළින් කටයුතු කිරීමෙන් පිළිවෙළින් පිළිවෙත් පරීමෙන් රහත්බවට පැමිණීමෙව්ද, මහණෙනි, ෙම් ශාසනයෙහි ශ්‍රද්ධාව හටගත් තැනැත්තේ ගුරුන් වෙත එළඹෙයි. (සද්ධාජාතෝ උපසංකමති* ගුරුන් වෙත එළඹුනේ, ආශ්‍රය කරයි. (උපසංකමනෙතා පයිරුපාසති*. ආශ්‍රය කරන්නේ, කණ එළවා තබයි. (පයිරුපාසන්තො සොතං ඔදහති*. කණ එළවා තැබූයේ, බණ අසයි. (ඔහිත සොතො ධම්මං සුණාති*, බණ අසා දරා ගනියි. (සුත්‍වා ධම්මං ධාරෙති*. දරාගන්නේ ධර්මයන්ගේ අර්ථය සලකා බලයි. (ධතානං ධම්මානං අත්ථං උපපරිකඛති*, අර්ථය සලකා බලන්නේ, වැටහෙන නුවණ උපදියි (අථං උපපරිකඛතො ධම්මං නිජඣානං ඛමති*, වැටහෙන නුවණ ඇතිවූ කල්හි කැමැත්ත ඇතිවෙයි. (ධම්මං නිජඣානඛතිතියා සති ඡුන්දො ජායති*, . කැමැත්ත ඇත්තේ උත්සාහ කරයි. (ඡුන්ද ජාතො උස්සහති*, උත්සාහ කොට අනිත්‍ය දුක්ඛ අනාත්මයයි විමසා බලයි. ( උස්සහිත්‍වා තුලෙති*. විමසා බලා දැන මාර්ගය ලැබීමට උත්සාහ කරයි. මාර්ගය ලැබීමට උත්සාහ කළේ, නාමකයින් නිවන්සුව අවබෝධ කරයි.මාර්ග ප්‍රඥාවෙන් විනිවිද බලයි.
මෙබඳු වූ අනු පූර්ව ප‍්‍රතිපදාවක් දියුණු වන්නේ ආර්යය මාර්ගය අනුව නිර්වානගාමී ප‍්‍රතිපදාවට ප‍්‍රවේශ වූ ආර්යය ශ‍්‍රාවකයාණන් හටය.
එම මාර්යගේ පුළුල් විවරණයක් සච්චවිභංග සූත‍්‍රය අනුව විවරණය කෙරෙන අතර, එය අනු පුර්ව වූ ප‍්‍රතිපදාව පිළිබඳ මනා අබබෝධියක් ලබා ගැනීමට ශ‍්‍රාවකයාට ඉවහල් වේ.
අම්/සිරි සුබෝධි පිරිවෙනේ පරිවෙනාධිපති,
ශාස්ත‍්‍රවේදී, කහගල චන්දාලෝක හිමි,
අම්/සිරි සුබෝධි පිරිවෙන,
සේනාගම. වැරැුන්කැටගොඩ.
No comments:
Post a Comment